ඉදිරි වසර පහේ රටේ භාරකාරීත්වය වෙනුවෙන් අප කළ යුතු හොඳම

රටේ අනාගතය පිළිබද තීරණාත්මක බලපෑමක් සිදුවන, දේශයේ භාරකාරත්වය වසර 05ක කාලයකට පවරාදෙන නායකයෙකු තෝරා පත් කර ගැනීම සදහා වන ජනාධිපතිවරණයක් අභියස අද අප සිටින්නෙමු. රටේ රාජ්‍ය නායකයා තෝරාගනු ලබන්නේ සමස්ත ඡුන්ද දායකයන්ගේ බහුතර කැමැත්තෙනි. විශේෂයෙන්ම එහිදී දැනුවත්, සවිඥානික බුද්ධියකින් යුත් සමාජ මැදිහත්වීමක් සහිත පුවරුසියන් වෙත ලැබෙන්නේ සුවිශේෂී වගකීමකි.
සමස්තයක් ලෙස රටේ ඉදිරි අනාගතය පිළිබද සැලකීමේ දී අත්‍යාවශ්‍යයෙන්ම සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් පවතී. එහිදී පවත්නා සමාජ දේශපාලන වටපිටාව අනුව ද ලෝක මට්ටමින් මතුව ඇති ප‍්‍රවනතා සැලකිල්ලට ගැනීමේදී ද ජාතික ආරක්ෂාව පිළිබද සුවිශේෂි අවධානයක් යොමු කළයුතුව තිබේ. එහිදී බොහෝ දේශපාලන බලවේග අවධානය යොමු කරන්නේ ඊට අදාළ එක් අංශයක් කෙරෙහි පමණකි. ඔවුන්ගේ දැනුමේ ප‍්‍රමාණය අනුව ජාතික ආරක්ෂාව යනු හමුදා අංශ ශක්තිමත් කර ගැනීම තුළ පමණක් අත්පත් කරගත හැකි දෙයකි. එහෙත් ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද අත්දැකීම් බහුල ආරක්ෂක විශේෂඥයන්ගේ මතය වන්නේ එයම පමණක් ප‍්‍රමාණවත් නොවන බවය.
එහිදී කලාපීය මට්ටමින් මෙන්ම ගෝලීය වශයෙන් ද යාවත්කාලීන කරගත යුතු ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ශක්තිමත් සබදතාවයක් ද අප රටට අතිශයින්ම තීරණාත්මක වනු ඇත. ඒ සදහා රටක රාජ්‍ය නායකයාගේ භූමිකාව බෙහෙවින්ම වැදගත්ය. විශේෂයෙන්ම එහිදී ලෝක බලවතුන් අතර එක් පාර්ශ්වයක ඒජන්තවරයෙකුට ලෝක ප‍්‍රජාව අතරෙහි ශ‍්‍රී ලංකාවට ගෞරවනීය පිළිගැනීමක් ලබාදීමට නොහැකිය. එමෙන්ම තීරණාත්මක අදියරක දී මානසික රෝගී බවක් ඇතැයි වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාවෙන් ඉවත් වූ චරිතයකට බලය ලබාදීමෙන් ද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකිය.
ඒ සමගම රටේ නායකයා වෙතින් අපේක්ෂා කරන තවත් ප‍්‍රමුඛ වගකීමක් වනු ඇත්තේ ජන ජීවිතයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමය. බියෙන් හා සැකයකින් තොරව නිදහසේ අදහස් පළ කරන්නට ඇති හැකියාවට එහිදී ඇත්තේ ඉහළම වටිනාකමකි. ඒ අර්ථයෙන් සැලකු විට ගතවූ පස් වසර පිළිබදව මේ රටේ සියලූම පාර්ශ්වයන්ට සාපේක්ෂ වශයෙන් සතුටු විය හැකිය. සේවක අර්ථ සාධක අරමුදලේ සුරක්ෂිත භාවය වෙනුවෙන් හඩ නැගු මේ රටේ කම්කරු ප‍්‍රජාවට වෙඩි උණ්ඩවලින් පිළිතුරු නොදුන්, භූමිතෙල් සහනාධාරය ඉල්ලා සිටි ධීවරයන් මරා නොදැමූණු, රතුපස්වල ජනතාව පිරිසිදු වතුර ඉල්ලා සිටි මොහොතේ ඔවුන් ඝාතනයට ලක් නොකළ, පාලකයන්ගේ ¥ෂණ හා වංචා හෙළිදරව් කළ මාධ්‍යවේදින් සුදු වෑන් මගින් රැුගෙන ගොස් අතුරුදහන් නොකළ හා ඝාතනය නොකළ පාලනයක් හරහා මේ රට තුළ නිර්මාණය කළ නිදහස් පරිසරය තවදුරටත් ආරක්ෂා කිරිම ස`දහා ද මෙවර ජනාධිපතිවරණයේ දී දැනුවත් පුරවැසියන් වෙත බලවත් වගකීමක් පැවරී තිබේ.

එමෙන්ම ජනතාවගේ එදිනෙදා ජීවිතය වඩා යහපත් ආකාරයට පවත්වා ගැනීම සදහා ගෘහ ආර්ථිකයට මහත් ශක්තියක් ලබාදුන් යුගය ද එහිදී අමතක කළයුතු නැත. පසුගිය රාජපක්ෂ පාලනයේ දී ඉහළ නංවා තිබු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහත හෙළමින් අඛණ්ඩව මේ දක්වාම පවත්වාගෙන යාම තුළ ද රාජ්‍ය සේවකයන්ගේ වැටුප අන් කිසිදු පාලන සමයක දී නොකළ තරමට ඉහළ නංවමින් ද මේ රටේ ජනතාවට ලබාදුන් සහන ආරක්ෂා කර ගැනීමට හැකි, විශ්වාසයක් තැබිය හැකි රාජ්‍ය නායකයෙක් පත් කර ගැනීම ද ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන්ම රටේ ජාතික සම්පත් අමු අමුවේම විදේශිකයන්ට විකුණා දමා ඉන් ලැබෙන කොමිස් මුදල් යොදාගෙන තම පවුලේ ධනස්කන්දය තව තවත් වර්ධනය කරගන්නට කටයුතු කළ නායකත්වයකින් රටට අත්කර ගත හැකි සෙතක් නොමැත. තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ දී සියවසකටත් වඩා වැඩි කාලයක් රටේ යුද්ධ හමුදාමූලස්ථානය ලෙස පැවති ඉහළම වටිනාකමකින් යුත් ඉඩම පවා සින්නක්කර ඔප්පුවකින් විදේශ සමාගමකට විකුණා දැමු පවුලේ සහෝදරයන් සමග ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට මේ රටේ සබුද්ධික කිසිදු පුරවැසියෙකුට විශ්වාසයක් තැබිය නොහැකිය.
මේ රටේ යහපැවැත්ම උදෙසා සකී‍්‍රය මැදිහත්වීමක් සිදුකරන අප අවධානය යොමු කළයුතු අනෙක් වැදගත්ම කාරණය වන්නේ අපේ දරුවන්ගේ අනාගතය පිළිබදවයි. මේ රටේ පවත්නා සමාජ, ආර්ථික හා දේශපාලන කි‍්‍රයාකාරිත්වය තුළ තමන්ට අනාගතයක් නැතැයි විශ්වාස කරන දරු පරපුරක් සමග අද අප ජීවත් වන්නෙමු. ඔවුනට රට පිළිබදව යහපත් විශ්වාසයක් ගොඩනගා ගැනීම සදහා අවශ්‍ය පරිසරය උදාකර දීමේ වගකීම ද අප හමුවේ පවතී. එවන් අවස්ථාවක් උදා කිරීමට නම් රටේ සමස්ථ සාරය එක් පවුලක් වෙත ඒකරාශිකර ගන්නා දේශපාලන බලාධිකාරය කොන්දේසි විරහිතව පරාජයට පත්කළ යුතුය. රටේ සෑම පුරවැසියන්ගේම දරුවන්ට සමානාත්මතාවය පදනම් වූ නිදහස් අධ්‍යාපනයක් ලබාගැනිමට ඇති අවස්ථා තවදුරටත් තහවුරු කළයුතුය. දැනුම හා කුසලතාවය මත ඕනෑම විෂය ක්ෂේත‍්‍රයක වැඩිදුර අධ්‍යාපන අවස්ථාවන් රට තුළදීම ලබා ගනිමින් තම දෙමව්පියන් දුක සේ උපයාගත් මුදල් විදේශ රටවලට පූජා කිරිමට සිදු නොවන පරිසරයක් ද එහිදී මේ රට තුළ තහවුරු විය යුතුය. එමෙන්ම නව තාක්ෂණය හා දැනුම මේ රටේ දරු පරපුරට අත්කර දෙමින් ලෝකයේ දියුණු රටවල නිර්මාණය වන රැුකියා අවස්ථාවන් සපුරාලිමට හැකි දැනුමෙන් හා කුසලතාවයෙන් පිරිපුන් තරුණ පරපුරකට මේ රට තුළ අවස්ථා නිර්මාණය කරලීම ද අප සතු වගකීමකි.මේ රටේ තරුණ තරුණියන්ට නොමැති සුවිශේෂි වරප‍්‍රසාද ලබාදෙමින් නීති විභාගය සදහා තම දරුවන් යොමු කළ දේශපාලන කදවුරකින්තරුණ පරපුරට එම අවස්ථා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කිරීම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවන බව ද එහිදී අප අවබෝධ කරගත යුතුය. ඒ සමගම අපගේ අනාගත පරපුර විනාශ වනු දැක දැකත් ඇතැමුන් පහසු ධනෝපායන මාර්ගයක් බවට පත්කරගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මත පදනම්ව දේශපාලනය ද පරාජය කිරීම එහිදී අතිශයින්ම වැදගත්ය. රටේ බලවත් කුඩු මාෆියාවන් සමග අත්වැල් බැදගනිමින් ප‍්‍රසිද්ධියේම ඔවුනට රැුකවථන් වූ දේශපාලන බලවේග එහිදී අප හදුනාගත යුතුය. ඔවුනට යළි නැගිසිටීමට ලබාදෙන තවත් එක් අවස්ථාවක් පවා රටේ තරුණ පරපුරේ විනාශය උදෙසා ලබාදෙන අවස්ථාවක් බව අප මැනවින් තේරම්ගත යුතුව තිබේ. යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කරලීමේ දී ඒ සදහා තීරණාත්මක සාධකයක් වන්නේ යහපත් පවුලක පැවැත්මය. තමන්ගේ බිරිදට සැකයකින් තොරව ජීවත්විය නොහැකි, ගමනක් බිමනක් යා නොහැකි, තම දියණියන්ගේ ආරක්ෂාව උදෙසා නිරන්තරවම වද වන වැඩිහිටියන් සහිත රටක ජීවත්වීමට තරම් වේදනාකාරී අත්දැකීමක් දැනුවත් පුරවැසියාට තවත් නැත. කාන්තාවන් සිය දෙනෙකු සමග යහන්ගත වීමේ පී‍්‍රතිය සමරන දේශපාලකයන්ට, මේ රටේ සුන්දරත්වය හා සමාජශිලි යහපත් මිනිසුන්ගේ ඇසුර විදින්නට ශ‍්‍රී ලංකාවට පැමිණි විදේශීය කාන්තාවන් ප‍්‍රසිද්ධියේම ¥ෂණය කර අමු අමුවේ මරා දැමු දේශපාලකයන්ට එහිදී අප තවදුරටත් ඉඩකඩ නිර්මාණය නොකළ යුතුය. මේ රටේ පාදඩ සමාජ බලවේග නිර්මාණය කරලීම අතින් රාජපක්ෂ පාලන යුගය තරම් මෑත කාලය තුළ විශාලතම දායකත්වයක් ලබාදී ඇති තවත් පාලන යුගයක් නොමැති තරම්ය. ඒ බව තේරුම් ගැනීමටනම් පසුගිය කාලය තුළ මේ රටේ සිදුවූ සහාසික අපරාධ හා සමාජ විෂමාචාර කි‍්‍රයාවන්ට දේශපාලන බලාධිකාරිය විසින් ලබාදී ඇති අනුග‍්‍රාහකත්වයන් පිළිබදව අවබෝධයක් ලබාගත යුතුය. මවක් හා දුවක් අමු අමුවේ මරා දැමීම නිසා ඉතාමත් මෑතකදී අධිකරණය වෙතින් මරණ දඩුවම ලබාදුන් කොටකෙතන ද්විත්ව ඝාතනයේ ඝාතකයා ප‍්‍රදේශයේ දේශපාලන බලාධිකාරිය සමග පවත්වාගෙන ගොස් තිබු සබදතාවය තේරුම් ගැනීමම ඒ සදහා ප‍්‍රමාණවත්ය. මෙම ජනාධිපතිවරණයේ දී එවැනි පාදඩ බලවේගවලට ශක්තිමත්වීම සදහා කිසිදු ඉඩක් නොතිබිය යුතුය.
ඒ සමගම මේ රටේ සබුද්ධික ජනතාවගේ අවධානය යොමු විය යුතු තවත් එක් වැදගත් කාරණයක් තිබේ. නූතන ලෝකයේ වඩාත්ම සාමකාමී, සමෘද්ධිමත් හා යුක්තිකරුක ජන ජීවිතයක් පවත්නා රටවල් එම තත්ත්වයට පත්ව ඇත්තේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර ගැනීමේ ප‍්‍රමාණයට සාපේක්ෂව වන බවය. ඒකාධිපති බලය තුළ එක් පවුලක් පමණක් හෝ පවුලක් මුල් කර ගනිමින් බල සාමුහිකයක් විසින් පාලනය කරන සෑම රටකටම ඒ සමගම උරුම වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. අපගේ උතුම් මාතෘ භූමියට කිසිසේත්ම එවැනි ඉරණමක් උදාකරදිය යුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජන ජීවිතයේ ආරක්ෂාව සහ නිදහස මෙන්ම ජාතීන් අතර සංහිදියාව හා සමගිය අප තව තවත් ශක්තිමත් කළයුතුව ඇත්තේ ඒ නිසාය.
යහපත් රටක් නිර්මාණය කළ හැක්කේ එක පවුලක අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන පාලකයෙකුට නොවේ. සමස්ත රටවැසියන් බලගැන්වීම උදෙසා කි‍්‍රයාකරන, ඒ සදහා තමන්ගේ සමස්ත කාලයම කැප කරන ජනතා නායකත්වයකටය. රටට අවශ්‍ය කර ඇත්තේ එවන් ජනතා නායකත්වයකි. එහිදී අප අත්‍යාවශ්‍යයෙන්ම මෙන්ම අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. මෙවර ජනාධිපතිවරණයේ දී රටේ පාලන බලය පිළිබදව අපේක්ෂාවන්ගෙන් යුතුව ඉදිරිපත්වී සිටින චරිත අතරෙහි රටට එරෙහිව මතුව ඇති අහිතකරම බලවේගය පරාජය කළ හැකි ශක්තිමත්ම චරිතය කවුරුන් ද යන්නය. එහිදී අප හමුවේ සිටින පැහැදිළිම අපේක්ෂාවන් දල්වාගත හැකි චරිතය වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාය. අපගේ වටිනා ඡුන්දය ඔහු වෙනුවෙන් හංසයා ලකුණ ඉදිරියේ සළකුණු කළයුතුව ඇත්තේ එබැවිනි.

(Visited 15 times, 1 visits today)

Related posts

Leave a Comment