පච කී හිරුට වැඩ වරදින ලකුණු: උසාවියෙන් නියෝගයක්!

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් මහජනතාව කුපිත කරන ආකාරය ප්‍රකාශයක් සිදු කළේ යැයි සඳහන් කරමින් හිරු මාධ්‍ය නාලිකාව විසින් ප්‍රචාරය කළ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කරමින් පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ ඉකුත් 24 වනදා තොටලග ප්‍රදේශයේ දී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි මහතා “ගෝඨාභය පරද්දමු. ගෝඨාභය මරමු” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බවටද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

ඒ අනුව අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන් කර ඇති පොලිසිය එම ප්‍රකාශය ආවරණය කළ මාධ්‍ය ආයතනවලින් විමර්ශන කටයුතු සඳහා සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවශ්‍ය වී ඇතැයිද ඒ සදහා අවශ්‍ය නියෝග අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත නිකුත් කරන්නැයිද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසිය විසින් ඉල්ලා සිටින සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස හරි මාධ්‍ය ආයතන ඇතුළු විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කර තිබේ.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment