මාධ්‍යවේදියෙක් කතා කරයි….

ජීවන අරගලය එක්ක සටන් කරන හැම මොහොතකම රස්සාව කියන්නේ වටිනම දේ. ඉගනගනිපු දෙයින් ආසම දේ කරන්න ලැබුණ දවසේ මං හුඟක් සතුටු වුණා. නමුත් දැන් ඒ සතුට එක්ක මකාගන්න බැරි දුකක් හෘද සාක්ෂියට එකතු වෙලා කියලා දැනෙනවා. එහෙම දැනෙන හැම මොහොතකම ඉහලට හුස්මක් අරන් ගෙදර ඉන්න දරුවෝ මතක් කරගන්නවා.

එදා උඹ අරගල කරලා කරලා අපේක්ෂකකත්වයට ආපු දවසේ කරපු මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ” ඕන තරම් ප්‍රශ්න අහන්න මං ඉන්නේ අපේ මාධ්‍යවේදීන්ට උත්තර දෙන්න කියලා” දේශපාලන මතිමතාන්තර එක්ක දුවන අපේ චැනල් වල තියරිය පැත්තකට දාලා එදා අපි හැමෝගෙම හදවතට පොඩි තට්ටුවක් කරා.

කම්කරු පංතියේ මිනිහෙක්ගේ පුතෙක් විදියට මගේ හදවත කියන්නේම මගේ තාත්තායි උඹේ තාත්තයි එකයි කියලා. දුප්පත් මිනිස්සුන්ගේ දුකට කතා කරන කෝටියක් වචන අහලා ඇස්වලින් කදුලක් එන තරමට සංවේදීත් වෙලා උඹේ මුවෙන් ගිලිහෙන එක වචනයක් අල්ලගෙන අද රෑට නිවුස් එක හදන්න තියෙද්දි දැනෙන දුක කියා ගන්න බෑ. ටෙලිපොමපරයට මුවා වෙලා වචන අහුලගෙන කතා කරන  දිශාවක් හෝ දේශපාලන ප්‍රතිපත්තියක් නැති ඒකාධිපතිපතියාව අප් කරලා සුදු පිරුවට අන්දන්න වෙන එක හදවතට පිහියෙන් අනිනවා වගේ වැඩක්.

අපේ මිනිහෙක්ට එන්න නොදී මාධ්‍ය වල දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන පව ගෙවෙන්න අනිවාර්යයෙන්ම උඹ එක්ක ඉන්නවා. මිනීමෝරුන්ගේ බඩගින්නට ගොදුරක් වුණ, සුදු වෑන් වලින් ගෙනිල්ලා අතපය කඩා දාලා මහපාරේ බල්ලෝ වගේ දාලා ගියපු මාධ්‍යවේදින්ගේ වේදනාවේ නාමෙන් මේ තීරණය හැම මාධ්‍යවේදියෙක්ම ගත යුතුයි කියලා හිතනවා. දවස ගාණේ හදවතට දෝහිවෙලා කරපු මඩ හේදෙන්න 16 වෙනිදා මේ සුලඟිල්ල පාට වෙනවා උඹ නමින්. අවංක මාධ්‍යවේදියෙක් විදියට කාඩ්බෝඩ් කොටුව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බලකරන්න බැරිවිත්තිය උප්පු කරනවා . සමස්ත මාධ්‍යවේදින් වෙනුවෙන් හෘර්ද සාක්ෂිය අවදිකරනවා. එතකල් අපිට සමාවෙයන්…

(Visited 4 times, 1 visits today)

Related posts

Leave a Comment