මෙහෙම පවුලක් – රටට අවුලක්

[5:21 PM, 10/29/2019] +94 71 393 6686: 2005 වසරේදී ජනාධිපතිවරණය වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආශිර්වාදයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්වන්නේ මහින්ද රාජපක්ෂය. මේ 2019. නැත්නම් 2020ය. අවුරුදු 15ක් ගෙවී ගොස්ය. ඒ අවුරුදු 15 තුළ මේ පැවැත්වෙන්නේ 4 වැනි ජනාධිපතිවරණයයි. මහින්ද රාජපක්ෂට විරුද්ධව එදා ජනාධිපතිවරණ සටනේ සිටියේ රනිල් වික්‍රමසිංහය. 2010 දී එජාපය නියෝජනය කළේ ජෙනරල් ෆොන්සේකාය. 2015 දී මෛත්‍රීපාල සිරිසේනය. එහෙත් ඒ කඳවුරේ හිටියේ මහින්ද රාජපක්ෂමය.
රාජපක්ෂලා පුටුවේ ඇලී සිටියේ සුපර් ග්ලූ ගා ඇලෙව්වා සේය. යළිත් රාජපක්ෂලාට ඒ සංස්කෘතිය භාර නොකරන්නට 19 වැනි සංශෝදනේ ගෙනාවේ ඒ වේද්දිත් හැමදාම ඉන්නට 18 සම්මත කරගෙන තිබූ තත්වයක් තුළය. 19 ගෙනාවත් රාජපක්ෂලාගේ බල ලෝභය අඩු වී නැති 2020 ජනාධිපතිවරණයේද අපෙක්ෂකයා රාජපක්ෂ කෙනෙකි. අනෙක් පැත්තේන සජිත් ප්‍රේමදාසය. අවුරුදු 15ට ජනාධිපතිවරණ 4කටම තරඟ කළේ රාජපක්ෂලාමය. අනෙක් පැත්තේන් විවිධ පුද්ගලයන්ය.
තව අවුරුදු 15ක් ගියද ඒ තත්වය වෙනසක් වන්නේ නැත. ු 2025දී චමල් තරඟ කරනු ඇත. 2030 දී නැවත ගෝඨාභය තරඟ කරනු ඇත. 2035 දී නාමල් තරඟ කරනු ඇත. ඔය විදියට හැම ජනාධිපතිවරණයක්ම රාජ පක්ෂලා තරඟ කරනු ඇත.
දැන් එය පක්ෂයක් නොව පවුලකි. එහි සැබෑව අප දුටුවේ ගෝටාභයට අපේක්ෂකකම ලබා දුන් උත්සවයේ වේදිකාවෙනි. වේදිකාවද වලව්වය. එහෙයින් ඒ පක්ෂයට වලව්වෙන් තොර වෙන මානයක් නැත. හැමදේම වෙන්නේ වලව්වට ඕනෑ විදියටය’‘ කොමිස් ටික බෙදා ගන්නේ වලව්වට ඕනෑ විදියටය. ගිවිසුම් ගහන්නේ එහෙමය.
තමන් මහාලොකු දේශපාලකයන් ලෙස සිතා සිටින පොහොට්ටුවේ බොහෝ දෙනා කරන්නේ වලව්වේ ඉඳුල් කා හාමුලා කරන දේ කිරීම පමණි. එවන් බත් බැලයන්ට හිතා මතා දෙයක් කරන්නට හෝ කියන්නට බැරිය’‘ එf්හම දෙයක් කිව්වොත් තමන්ට ලැබෙන ඉඳුල් ප්‍රමාණය අඩු වෙන නිසා එහෙම කියන්නේද නැත.
රටට වලව්වක ගන්නා තීරණ වැඩක් නැත. මේ රටේ සිටිය යුත්තේ දුප්පතාගේ දුක හඳුනන නායකයෙකු මිස කෑම මේසේ සිට තීරණ ගන්නා වලව් පැලැන්තියක් නොවේ. රට බෙදාගෙන ක්න්නට හදන පවුල් පාලනයක් නොවේ’‘ පවුලේ බල්ලුන් දක්ද්දිත් කාණුවට බහින මාහා දේශප්‍රේමෘන් යැයි කියා ගන්නා වන්දි බට්ටන් නොවේ. ඊට කෙලින් කතා කළ හැකි නායකයාගේ ඉඳුල් නොකන සැබෑ නායකයන් සිටිය යුතුය. නායකයා වුවු විවේචනය කළ හැකි පිරිසක් සිටිය යුතුය.
අප සජිත්ව තෝරා ගන්නේ එහෙයින.ි එන්න හංසයා දිනවන්න’

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment