කඳු මුදුනේ හුදෙකලා නොවෙමු .

චිංග් යෑන්ග් කදුවැටියේ සිටි කොටියා වූ සුන්ග් පැවසූ පරිදි කිපුනත් නැතත් මිනී කන්නෙකි. එහෙයින් කොටියා මැරිය යුතුය. නැතිනම් ඌට ගොදුරු විය යුතුය. මේ දෙකෙන් එකක් හෝ අනෙක සිදුවිය යුතුය.
” මාඕ සේතුං”

සිංහ කොඩිය පිටුපස සැඟවී සිටින රාජපක්ෂ වාදයේ කොටියා ලේ රසට ම හුරු වූ එයටම ලොල් වූවෙකි . ඔහු දත්, නිය, විලිස්සා හඬ නගන්නේ යටත් වෙනු නැති නම් වැනසෙනු කියාය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැලවීම වෙනුවෙන් ඔහුට යටත් විය .යටත් වූ පසු කඳු මුදුනට නංවා රාජපක්ෂවාදය වහලුන්ගේ හූ හඬ මැද මරා දමමින් සිටී .

චිංග් යෑන්ග් කඳු වැටියේ කොටියා මෙන්ම රාජපක්ෂවාදයට එරෙහි වන්නා මෙන් ම යටත් වන්නා ද මරා දමයි . බැවින් එයට එරෙහිව සටන් කළ යුතු ම ය . සජිත් දැන් එම සටනට පිවිස ඇත .

සජිත් තනිව ම කඳු මුදුනේ සටනට යවා ජ. වී.පෙ එම සටන අතහැර හොර පාරෙන් කඳු මුදුන පහුකර යාමට උත්සාහ කරමින් සිටී . එහෙත් කොටියා සජිත් මරා දැමුවොත් එසැනින් හැරෙන්නේ ජ.වී.පෙ දෙසට ය . එවිට සටන් වැදීමෙන් හෝ යටත් වීමෙන් ප්‍රතිඵලයක් නැත .ඉතිරි වන්නේ වන්නේ නින්දා සහගත මරණයක් පමණි .

ජ .වි .පෙ ඇතුළු ජාතික ජන බලවේගය කොටියා හොඳින් හඳුනයි. එබැවින් මේ සිදුකරන කඳු මුදුනේ සූදුව අතහැර සටනට පිවිසිය යුතු ය . එක්ව හෝ වෙන වෙන ම සටන් කර රාජපක්ෂවාදය පැරදවිය යුතු ය .වෙන් වෙන්වම සටනට පිවිස වුව ද එක්ව සටන් කළ හැකි උපක්‍රම ඕනෑතරම් ඇත . සටනකදී සතුරාගේ සතුරා මිතුරා බව ජ. වි .පෙට අප කියා දිය යුතු නැත . හොර පාරෙන් කන්ද පසු කර යෑමට ගොස් තමන්වත් තමන් වටා පෙළ ගැසී සිටින සමාජ බලවේගයනුත් විනාශ කර නො ගෙන කඳු මුදුනේ සිටින බියකරු සතුරා එක් ව පරාජය කර වෙන් ව සිය ගමන ඇරඹීමට තවමත් ප්‍රමාද නැත .

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment