හූවේ අරුත ..

හූව යනු පැරණි සිංහල සමාජයේ අපුරූ සන්නිවේදන මෙවලමකි. එයට බොහෝ අරුත් ඇත. ඉන්න තැන කියන්න, එන්න කියන්න, විරෝධය පා යන්න කියන්නද ගැමියෝ හූව යොදා ගත් හ.

ඒ හූඅතර මේ හූවට අරුතක් ඇත. මේ හූව රාජපක්ෂවාදයේ තේමා ගීය යි. මහින්දලා ගොඩ නැගූ රාජපක්ෂවාදය යනු අනෙකා බැහැර කරන  බැහැර කරන්නවුන්ට එනම්, අනෙකාට වෛර කරන මතවාදයකි. එය පළමුව දේශප්‍රේමී ඉරගසා දමිළ ජනයා බැහැර කළේ ය. බලය ඇතිදා එම බැහැර කිරීමට යොදා ගත්තේ හූව නොව වෙඩි උණ්ඩය යි.  ඉන් පසුව මුස්ලිම් ජනතාව බැහැර කලේය . එයට යොදා ගත්තේ බෝම්බ යයි. ඉන්පසු  එම බැහැර වන්නන් පිළිබඳ මැදහත් සිතින් ඉතිරිවෙන්නන්  බැහැර කලේ දේශද්‍රෝහි ලේබලය අලවමිනි. ඔවුන් බැහැර වීමට අකමැති වූ විට සුදුවෑන් මඟින් ප්‍රවාහන පහසුකම් ද ඔවුන් ලබාදෙන ලදී. මේ බැහැර කිරීමේ උමතුව තුල ඉතිරි වන්නේ අතිශය වෛරී සහගත මනෝභාවයකින් පෙලෙන උන්මත්තකයන් බවට පත් විය. ඔවුන් තමන්ගේ ම වේදිකාවකට නැඟී ශ්‍රී.ල.නි.ප සමාජිකයාට ද හූ කියා බැහැර කරන ලදී. බැහැර කල යුත්තන් කවුදැයි නම් කිරීමේ වගකීම පැවරුනේ රාජපක්ෂවාදයේ මහදුරන්ටය. ඒ විමල් , ගම්මන්පිල, නලීන් ද සිල්වා වැන්නවුන් ය. ඔවුන් ද්‍රෝහියා නම් කල විට හූ කියා බැහැර කිරීමට රාජපක්ෂවාදයේ අනුගාමිකයන් ඕනෑම විටක සුදානම් ය.

ඊලගට හැදෙන ආණ්ඩුව මහින්දගේ නොව ගෝඨාගේ ආණ්ඩුවවකැයි නලීන් නම් කරන විට ,රාජපක්ෂවාදීන් මහින්දට පවා හූ කියති. අලව්වෙන් ආ හූ හඬ එවැන්නකි.

මහින්දටත් හූ කියන මේ ගෝත්‍රිකයන් අතට බලය ගිය විට හූව යලි අවියක් බවට පත් වේ. යළි සුදුවෑන් කරළිගත වේ. එවිට මේ හූව දෙස බලා හිනාවෙන්නට හෝ දාර්ශනික විග්‍රහ කරන්නට කිසිවෙකුට ඉඩක් ඉතුරු වන්නේ නැත. හූව විලාපයක් බවට පත් වන්නේ එවිටය.

මේ හූවේ අරුත ඉගෙන ගන්නට තව ඇත්තේ දෙසතියකි. අප සිටින්නේ යක්ෂයෙකුගේ දොරකඩ අසලය

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment