පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක් – කිරිබත්ගොඩ ජනතාව කියයි.

මිනිසුන් සිය ගානකගේ ජිවිත අහිමි කරමින් සහ තවත් සියගණනක් තවමත් ලෙඩ ඇඳන් මතට කරමින් ඉකුත් අප්‍රේල් මාසයේ 21 වන දින පුපුරා ගිය පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා පොදුජන පෙරෙමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා කරමින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ පසුගිය දා උද්ඝෝෂණයක් පැවැත්විණි.
එහිදී එම උද්ඝෝෂකයන් විසින් සටන් පාඨ කියමින් සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නියැලී සිටි අතර ඔවුන් වැඩි දුරටත් සඳහන් කළේ රාජපක්ෂ කල්ලියේ බල තන්හාවේ නරුම ම අවස්තාව එම පාස්කු බෝම්බ ප්‍රහාරය බවයි. එහිදී ඔවුන් උපුටා දක්වමින් ප්‍රදර්ශනය කළේ කලක් රාජපක්ෂ කල්ලියේ දේශපාලන න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක ගේ ප්‍රකාශයන් වීම ද කැපී පෙනිණ.
මෙයින් හැඟී යන්නේ මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව දයාන් ජයතිලක පළ කරන සැකය නොවේද? එනම් ඇමරිකාව විසින් දකුණු ආසියාව නිරීක්ෂණය කිරීමට කලක පටන් යොදාගත් මුරුසියේ දියෙගෝ ගාර්ෂියා දුපතේ හිමිකම ඇමරිකාවට අහිමි වීම නිසා, එවන් නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා සුදුසු ම ස්ථානය ශ්‍රී ලංකාව වන බැවින් එම හිමිකම තම පුරවැසියෙකු ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් කරවා ඔහු ලවා තම රට වෙත එම හිමිකම ලබා ගැනීමේ ඇමරිකානු උපායේ නරුම ම අවස්තාව පාස්කු ප්‍රහාරය වන බවයි.
එලෙස ම මෙම පාස්කු ප්‍රහාරය, ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීමේදී යමෙකු පොරොන්දු වන “ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට වුවත් සුදානම්” බව ප්‍රකාශ කරන පොරොන්දුව ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාවට නැංවීමක් බව නොවේද?

(Visited 11 times, 1 visits today)

Related posts

Leave a Comment