ගෝඨාගේ කැම්පේන් එකට ආ නයාට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

2019 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සියල්ල අද රාත්‍රී 12.00 න් පසු අවසාන වීමට නියමිතව ඇති අතර පොදු ජන පෙරමුණ විසින් මිනිසුන්ගේ ආගමික ඇදහිලි හා භක්තිය මතින් තම ප්‍රචාරණ කටයුතු ඉදිරියට ගෙනයාමේ උත්සහයක් සම්බන්ධයෙන් අද(13) දින මැතිවරණ කොමිෂමට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව කැළණිය විහාරයට සර්වඥ ධාතු ලබා දීමට නාගයෙක් පැමිණි බව බොරු ප්‍රචාරයක් යවන අතර එම නාගයා විසින් දුන්නා යයි කියන ධාතු ප්‍රදර්ශනය කිරීමක් සිදු කරනු ලබනැ බවත්, එහිදී ඒ සඳහා එන බැතිමතුන් අතට නෙලුම් පොහොට්ටුවක් ලබා දීමට කටයුතු කර ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී ඡනදය ලබා දෙන ලෙසද කිසියම් සංවිධානාත්මක ගිහි පැවැදි පිරිසක් විසින් ඉල්ලීම් කරයි. එලෙසම මෙම කටයුත්ත ආගමික ස්වරූපයකින් ඉදිරි දින කිහිපයේදීම සිදු කිරීමට සුදානමින් පවතින බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඊට අමතරව මේ සඳහා ඇතැම් ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරනයක්ද ලබා දීමට කටයුතු කරයි. මෙය මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් සහ එවැනි යමක් සිදු වේ නම් එම අකටයුත්ත නැවැත්වීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාවේ ජන්ද බලය හිමි පුරවැසියෙකු ලෙස එම්.එම්.ඩබ්.සමරසේකර යන අය විසින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

(Visited 27 times, 1 visits today)

Related posts

Leave a Comment