පරිස්සමෙන්. පොහොට්ටුවේ පරාජය වන බව දැන වියරු වැටී සිටිති.

ජනාධිපතිවරණයේ වැඩි වාසි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමි වෙමින් ඇති පරිසරයක් තුළ ප‍්‍රාදේශීය මට්ටමේ සිය නියෝජිතයන් හරහා ගම් තුළ භීතියක් නිර්මාණය කරමින් බලෙන් ඡුන්ද ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. පසුගිය දින කිහිපයේත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොව ප‍්‍රදේශීය දේශපාලන නියෝජිතයන්ටද පහර දෙමින් කාර්යාල ගිණිබත් කරමින් සිය සුපුරුදු මැතිවරණ ක‍්‍රියා කලාපයන් කරලියට ගෙන ඒමට කටයුතු කර ඇති ගෝඨාභය රාජපක්ෂගේ සහචරයන් ඒ හරහා එක්සත් ජාතික පාක්ෂිකයන් ඡුන්ද පොළ වෙත යාම වැළැකවීමට කටයුතු කරමින් සිටිති.
ඊට අමතරව සුළු ජාතික ඡුන්ද තමන් වෙත නොලැබෙන බව දන්නා ඔවුන් සුලූ ජාතීන් සමග හොරෙන් හොරෙන් රැුස්වීම් පවත්විමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දෙන පැවසීමටද ඒ ඒ ප‍්‍රදේශ නියෝජනය කරන් පොහොට්ටුවේ ජනාතා නියෝජිතයන් හරහා සිදු කරගෙන යන්නේ බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම යටතේ බව වාර්තා වේ. පුසුගියදා මහනුවරදී මහින්දානන්ද අලූත් ගමගේ ලීක් කරගත්තේ එවන් පොරොන්දුවක් සමග වූ වීඩියෝවකි. මේ ආකාරයෙන් සුලූ ජාතික ජනකොටස් බහුලව සිටින ප‍්‍රදේශයන්හි පෞද්ගලික හමුවීම් සිදු කරමින් ඔවුන්ගේ ඡුන්ද ලබා ගැනීමට පොහොට්ටු නියෝජිතයින් කටයුතු කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ නියත වශයෙන් ජය ගන්නවා යැයි පවසමින් ඔවුන් බිය ගැන්වීමට ලක් කරමිනි.
කෙසේ වුවද මේ හේතුවෙන් ඔවුන් කෙරෙහි වූ සුළු ජාතික ඡුන්ද තව තවත් වැඩි වනවාට වඩා අඩුවන තත්වයක් තූල පොහොට්ටු නියෝජිතයන් තව තවත් කුපිතව ඇති අතර ඒ හේතුවෙන් කෙසේ හෝ තම අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් ඕනෑම ආකාරය පහත් වැඩක් සිදු කිරීමටද ඔවුන් පසුබට නොවනු ඇත.

(Visited 7 times, 1 visits today)

Related posts

Leave a Comment