උපාධිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදා ද? විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අසයි

උපාධිධාරීන්ට දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදා ද?විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී අසයි

සියලු උපාධිධාරීන් හට මේ වසරේදී රැකියා ලබා දෙන බවට පොදුජන පෙරමුණ මැතිවරණය සමයේ වේදිකාවල පොරොන්දු වූ බවත් ජාතික වැදගත්කමක් සහිත මේ ප්‍රශ්නය පිළිබදව ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පිළිතුරු දියයුතු බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී (21)පැවසීය.ස්ථාවර නියෝග 27(2)යටතේ ඒ මහතා මේ බව පැවසීය .රැකියා විරහිත උපාධිධාරීන් පිළිබදව ගැටලුව සෑම රජයක්ම මුහුණ දුන් ගැටලුවක් බව කී ඒ මහතා යහපාලන ආණ්ඩුව උපාධිධාරීන් 20000ක් සෘජුව රාජ්‍ය සේවයට බදවාගත් බවත් රජයේ දීප ව්‍යාප්ත සේවාවන් සහ අනෙකුත් සංවෘත සේවාවන් සදහා නිසි කලට,ක්‍රමවේදයන්ට අනුව බදවා ගැනීම් කළ බවද කීය.අනෙකුත් රැකියා සදහා ද උපාධිධාරීන් බදවා ගැනීමට පසුගිය ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී මැතිවරණය නිසා තාවකාලික ලෙස අත් හිටුවා තිබූ බව පැවසූ විපක්ෂ නායකවරයා ,පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා පුලුල් කිරීමට තම ආණ්ඩුව ක්‍රියා කළ බවද කීය.විපක්ෂ නායකවරයා මෙහිදී රජයේ පාර්ශවයට ප්‍රශ්න කිහිපයක් යොමු කරනු ලැබීය.අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් ඇතුලුව රැකියා විරහිතයින් කොපමනද? ඒ සියලුදෙනා වෙනුවෙන් රැකියා මේ වසරේ මාර්තු 01  වනවිට ලබා දෙන බවට ඩලස් අලහප්පෙරුම අමාත්‍ය වරයා දුන් සහතිකය ඉටු කරනවාද? එම උපාධිධාරීන් බදවා ගන්නේ රජයේ කුමන තනතුවලටද?ස්ථීර සේවයේ පිහිටුවනවාද?වැටුප් පරිමාණය කුමක්ද? සෞභාග්‍යයෙ දැක්ම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 29පිටුවේ සදහන් පරිදි සෑම රාජ්‍ය සේවකයෙකුටම විශ්‍රාම වැටුප් ලබා දෙන ප්‍රතිපත්තිය යටතේ මේ උපාධිධාරීන් හට විශ්‍රාම වැටුප් දෙනවාද? වයස 35ට වැඩි උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ගෙන තිබේද ? එම උපාධිධාරීන් බදවාගත් පසු ඔවුන්ගේ සේවය ඵලදායි ලෙස රජයට ලබා ගන්නට වැඩපිලිවෙලක් තිබේද? රැකියා විරහිත උපාධිධාරීන් හැරුනුකොට උසස් පෙළ සමත්,සාමාන්‍ය පෙළ සමත්,සහ අසමත් පිරිස් වෙනුවෙන් රැකියා ලබා දීමට රජයට සැලසුමක් තිබේද?

(Visited 28 times, 1 visits today)

Related posts

Leave a Comment