බැරියර් එක සජිත්!ආණ්ඩුව මඩට බසී !

ණය අනුපාතය ඉහල නංවා ආර්ථිකය කාබාසිනියා කිරීමේ කූඨ උපාය ලත් තැනම ලොප් වීමෙන් ආණ්ඩුවේ මහ පුටු සෙලවී ව්‍යාකූලත්වයට පත්ව තිබේ.ඒ අනුව, සජිත් විපක්ෂ නායකයා ලෙස කටයුතු කිරීම විශාල බාධකයක් සේ ඔවුන් විශ්වාස කරයි.ඊයේ ආණ්ඩුව ගෙන ආ යෝජනාවට එරෙහිව සජිත් ප්‍රේමදාස සිය හඩ නැගූ අතර අදාල යෝජනාව හකුලා ගන්නට ආණ්ඩුවට සිදු වූයේ ඒ අනුව ය. මේ තත්ත්වය ආණ්ඩුවේ බරපතල පපසුබෑමකට සග සසල වීමකට හේතු වී තිබේ .’මතක තියාගන්න අපි විරුද්ධ ජනතාවට සහන දෙනවට නෙවේ.අපි විරුද්ධ  සංවර්ධන යෝජනාවලට නෙවේ.අපි විරුද්ධ ණය අනුපාතය ඉහළ නංවා රට අගාධයකට දානා යෝජනාවටයි”සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කීවේය .

මේ අතර අද(21)මහ නාහිමිවරුන් බැහැදුටු විපක්ෂ නායකයා උන්වහන්සේලාව දැනුවත් කරමින් ප්‍රකාශ කළේත් තමන් කිසි විටෙකත් ජනතාවට සහන දෙනවාට සහ සංවර්ධන වැඩ වලට එරෙහි නොවන බවයි.එහෙත් රටේ ණය අනුපාතය ඉහළ දමා කරන විනාශය දෙස බලා නිහඩව සිටිය නොහැකි බව ය .”රනිල් හිටියා නම් මේවා මෙහෙම වෙන්නේ නෑ.සජිත් ලොකු බැරියර් එකක්”පාර්ලිමේන්තු ලොබියේදී අමාත්‍යවරයෙක් පවසා තිබේ.මේ අතර වහාම මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට සජිත්ට එරෙහි ප්‍රහාරයක් ආරම්භ කරන්නට ඇතැම් පාර්ශවවල අවධානය යොමුව තිබේ.

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment