දිස්ත්‍රික්ක 7 ක් සජිත්ව ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය ‘ලකුණ මත’ අතිශයින්ම භේද බින්න වී තිබියදී පවා එහි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නායකයින් ‘ඇති හැකි මට්ටමින්’ ඡන්දයට සූදානම් වනු දැකිය හැකිය. නමුත් මේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය නායකයින් සියලු දෙනාම ‘නැවත වතාවක්’ තවත් පොරයක පැටලී සිටින්නේ සජිත් ප්‍රේමදාස තම තමන්ගේ ‘වැයික්කි’ වලට අද්දාගැනීමට යි. ඒ අනුව මේ වන විට සජිත්ට දිස්ත්‍රික්ක 7 කින් ම ඡන්ද ඉල්ලීමට යෝජනා ඉදිරිපත් වී තිබේ. ඒ කුරුණෑගල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ හම්බන්තොටිනි. සජිත්ව කොළඹින් ගෙනෙන්නට අවශ්‍ය වී ඇත්තේ සුජීව සේනසිංහට ය. සජිත්ව කුරුණෑගලට ගන්නට අවශ්‍ය වී ඇත්තේ තුෂාර ඉඳුනිල්ට සහ අශෝක්…

පොහොට්ටුවට 3/2 දෙන්න රනිල් ගහන ගැටේ!

එක්සත් ජාතික පක්ෂයේ අවුල නිවී නිවී පත්තුවන්නා සේ ය. ‘කෘත්‍යාධිකාරිය’ සහ ‘හතරදෙනාගේ කමිටුව’ යන කිසිවකින් අවසන් තීන්දුවක් නොලද ‘ලකුණ පිළිබඳ ගැටලුව’ මේ වන විට ‘පඹ ගාලක්’ බවට පත්ව ඇත්තේ ය. කලින් සතිය අවසන් වන විට, ගැටුම තිබුණේ ‘අලියා ලකුණ’ සහ ‘හදවත ලකුණ’ අතර ගැටුමකි. එහෙත් මේ සතිය අවසන් වන්නේ ‘අලියා ලකුණ’ සහ ‘හංසයා ලකුණ’ අතර ගැටුමකිනි.‘‘හදවත ලකුණට ඔබතුමන්ලා බලාපොරොත්තු වන හාරත ලකුණ නං දෙන්න විදියක් නෑ… හදවත ලකුණ ඕනැ නං මනුස්ස හදවතක ලකුණක් තමයි දෙන්න වෙන්නෙ… ’’ යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පවසා තිබුණෙන්, මේ වන විටත් ‘හදවත’ ‘ගැටුම් චක්‍රයෙන්’…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…