විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය.

ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන, එස්.එම්. මරික්කාර්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න, මයන්ත දිසානායක, ආනන්ද අලුත්ගමගේ, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, ලක්ෂ්මන් විජේමාන්න, රංජිත් අලුවිහාරේ, රෝහිණි කුමාරී, තුෂාර ඉඳුනිල්, නඩරාජා තිලකේෂ්, එස්. වේලුකුමාර්, මොහොමඩ් මන්සුර්, මොහොමඩ් මහරුෆ්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, දයා ගමගේ, ආශු මාරසිංහ, අශෝක ප්‍රියන්ත, මුහුබර් රහ්මාන්, ඉම්රාන් මහරුෆ්, සිසිර කුමාර, රහුමාන් ඉස්තාන්, නාලක කොළොන්නේ, සිඩ්නි ජයරත්න, අරවින්ද කුමාර්, ඒ.ඒ. විජේතුංග, සංජය පෙරේරා, තුසිතා විජේමාන්න, සන්දිත් සමරසිංහ, එම්. නවාසි, එම්. සල්මන්, ඒ. හෆිස්, වැලිගොඩගේ සමන් රත්නප්‍රිය යන අයයි. යටත් පිරිසෙයින් මාසයකටත් අඩු කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ සමන් රත්නප්‍රියට නම් කොහොමටත් විශ්‍රාම වැටුප් හිමිකම නොමැති වන අතර ඔහුට ලැබුණු අසුනේ මුල් හිමිකරුවා වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න නම්, තමන්ට ලැබුණු මන්ත්‍රීකමට කලින්ම ආයුබෝවන් කියා විදෙස්ගත වූ බව අප සියල්ලන්ම දනී.

විශ්‍රාම වැටුප් අහිමි වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 17වන්නේ ප්‍රසන්න රණවීර, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, අනුරාධ ජයරත්න, නිරෝෂාන් ප්‍රේමරත්න , ඩී.වී. චානක, සනත් නිශාන්ත, මලිත් ජයතිලක, ඉන්දික අනුරුද්ධ, කාංචන විජේසේකර, කාදර් මස්තාන්, තාරක බාලසූරිය, සාරතී දුෂ්මන්ත, අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් ය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වන ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, එස්. වියාලේන්ද්‍රන්, ජී. ශ්‍රීනේෂන්,චාලස් නිර්මලනාදන්,සිවප්‍රකාශම් සිවමෝහන්, ධර්මලිංගම් සත්‍යදරන්, ඊෂ්වරපාදම් සරවනභවන් යන මන්ත්‍රීවරුන්ටද මන්ත්‍රී වැටුපෙන් 1/3 ක් වන විශ්‍රාම වැටුප අහිමි වේ.

(Visited 22 times, 1 visits today)

Related posts

Leave a Comment