ආණ්ඩුව ගිනස් වාර්ථා තියලා තියෙන්නේ-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.එහිදි ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය නොහැකියාව වසා ගන්නට බේගල් සහ අවලාද පවසමින් යන බවයි. ‘පසුගිය සති දහතුනට ගම්පෙරළිය නතර කළා.එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා නතර කළා.ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල අහිමි කළා.වැටුප් වැඩි කිරීම නතර කළා.විශ්‍රාමික වැටුප් විශමතා නැති කිරීම නතර කළා.නිල ඇදුම් දීමනාව කප්පාදු කළා. මෙහෙම දහසකුත් එකක් සහන සහ සංවර්ධන ක්‍රියා නතර කළා.ජනතා සහන නැති කරලා,සංවර්ධනය නැති කරලා ගිනස් වාර්තාවක් ආණ්ඩුව තිබ්බා.අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කීවා ණය විරාමයක් දෙන්න කියලා .ඒක බලලා චීනෙත් ඒ විරාමය දෙයි කියලා ඔහු කීවා.හැබැයි එහෙම කියලා ලංකාවට…

පොහොට්ටු යකඩ සපත්තුවෙන් මිදිලා එන්න-සජිත් ශ්‍රීලනිපයට කියයි

අපි අලුත් ගමනක් යන බවත්,එය නවීන ගමනක් බවත්,පොහොට්ටු යකඩ සපත්තුවලට පෑගුනු ශ්‍රීලනිපයටත් ඊට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය. කොළඹ නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සංවිධානය කළ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. විපක්ෂ නායකයා මෙසේද කීය. “ජනාධිපතිවරණය ප්‍රතිඵල නිකුත් වුනේ 17වෙනිදා.අද වෙනකොට මාස තුනක්. මම පුදුම වුනා ඊයෙත්,පෙරේදා ත් ප්‍රතිවාදීන් නිර්මාණය කරන කතාවක්  නිසා. පාර්ලිමේන්තුව පවත්වන අවසන් දිනයේ රජය ගෙනාවා මුදල් යෝජනාව ක්.එහි පරාජය වහගන්න ආන්ඩුව ගේනවා කතාවක් .විපක්ෂය ජනතාවට අවුරුදු කන්න තියෙන අවස්‍ථාව  නැති කළාලු. මේ මොන විහිලු කතාද?. මතක් කරලා බලන්න අපි ආව ගමන්…