ආණ්ඩුව ගිනස් වාර්ථා තියලා තියෙන්නේ-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් විය.එහිදි ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව සිය නොහැකියාව වසා ගන්නට බේගල් සහ අවලාද පවසමින් යන බවයි.


‘පසුගිය සති දහතුනට ගම්පෙරළිය නතර කළා.එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා නතර කළා.ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මල්ල අහිමි කළා.වැටුප් වැඩි කිරීම නතර කළා.විශ්‍රාමික වැටුප් විශමතා නැති කිරීම නතර කළා.නිල ඇදුම් දීමනාව කප්පාදු කළා.

මෙහෙම දහසකුත් එකක් සහන සහ සංවර්ධන ක්‍රියා නතර කළා.ජනතා සහන නැති කරලා,සංවර්ධනය නැති කරලා ගිනස් වාර්තාවක් ආණ්ඩුව තිබ්බා.අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කීවා ණය විරාමයක් දෙන්න කියලා .ඒක බලලා චීනෙත් ඒ විරාමය දෙයි කියලා ඔහු කීවා.හැබැයි එහෙම කියලා ලංකාවට ඇවිත් පාර්ලිමේන්තුවට ගේනවා ණය සීමා ඉහළ දාන යෝජනා. අපි ඒකට විරුද්ධයි.

අවුරුදු කන්න ජනතාවට සහන දෙන්න විපක්ෂය ඉඩ දෙන්නේ නෑ කියනවානම් ඒක බොරුවක්.ජනතාව ගොනාට අන්දන්න හදන වැඩක්.සති දහතුනක් අයවැය නොගෙනාවේ ඇයි.අපි බලන් හිටියා ජනතාවාදි අයවැයක් ගෙනෙයි කියලා.ඒ වගේම අපි ඊට සහය දෙන්නත් බලාගෙන හිටියා.නමුත් ගෙනාවේ නෑ

අද ආණ්ඩුව ඉතාම දුර්වල මූල්‍ය කළමණාකරනයක යෙදිලා.සෑම ක්ශෙත්‍රයක්ම ව්‍යාකූලත්වයට පත්වෙලා.බොරු බේගල් හදන හෙඩ් ලයින් නිර්මාණය කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.ඒ වගේම අපි නිර්මාණය කරන ජනතාවාදි ගමනට සමගි ජන බලවේගය සමග එක් වෙන්න කියලා ශ්‍රීලනිපයේ ගම් ,බිම් මට්ටමේ සියලූම දෙනාට ආරාධනා කරනවා.සග,වෙද,ගුරු,ගොවි කම්කරු සියලු දෙනාට ආදරයෙන් ආරාධනා කරනවා.

( විපක්ෂ නායකයාගෙන් ඇසූ ප්‍රශ්න සහ පිලිතුරු(සාරාංශය))

සමගි ජන බලවේගය එක්ක ඉන්න පෙරමුණේ පක්ෂ ගැලවෙන්න යනවා නේද?

නෑ.ඔවුන් අපි සමග ඉන්නවා. කාරණාව ඒක නෙවේ,ආණ්ඩුව කරන බොරුව සහ ද්විත්ව රංගනය තමයි හෙලිදරව් කරන්න ඕන.

ගිය ආණ්ඩුව බිල් ගෙවුවෙ නෑ කියනවා නේද?

සති දහතුනක් අයවැයක් නොගෙනාවේ ඇයි.සහන කපපු සල්ලි කෝ.

රාජ්‍ය ආදායමේ බිලියන හයසීයක් නැති වුණේ කොහොමද?

ඒක ආණ්ඩුවෙන් තමයි අහන්න ඕන.හැබැයි අපි කියන්න ඕන මේ මෝඩ විපක්ෂයක් නෙවේ.ඒකයි අපි කීවේ ණය සීමා ඉහළ දානවට විරුද්ධයි .සහන දෙනවට පක්ෂයි කියලා.නමුත් මේ අය දෙකම අකුලා ගත්තා.මෙයාලා ආවේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම හදන්නනේ.කෝ.

මේ ආණ්ඩුව රට පඹගාලක පැටලුවා.රනුක්ගේ වාර්තා වෙන් ලක්ෂ 15රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන්න අපි නිර්දේශ කළා.මෙයාලා නතර කළා.මෙහෙම කපපු සල්ලී කෝ.මේ පෙන්වන්නෙ ආණ්ඩුවේ නොහැකියාව.

සම්පූර්ණ වීඩියෝව

(Visited 8 times, 1 visits today)

Leave a Comment