එජාපය ‘වල’තෝරා ගනී!

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීම හමාරවූයෙ අර්බුද මැදය.එජාප නායකයා විසින් එය කූඨප්‍රාප්තියට ගෙනා අතර මේ පිලිබදව විපක්ෂ නායක කාර්‍යාලයෙන් විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් එවා තිබේ.

විපක්ෂ නායක කාර්‍යාලයේ මාධ්‍ය නිවේදනය
2020/03/01

එකගතාවයකින් තොරව කෘත්‍යාධිකාරී රැස්වීම අවසන්

……………………………………………

අද(01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළැබෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ ‘ලකුණ”පිළිබදව එකගතාවයකින් නොවේ.

නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරමු.

අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ,ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරීයෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට  තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත.නිෂ්පල වාද විවාද මැද කෘත්‍යාධිකාරී රැස්වීම හමාර වූ අතර පලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව කදවුරු බැදීමට කාලය අවහිර වීමය.

මේ අතර මාර්තු(2)පැවැත්වීමට නියමිත ‘සමගි ජනබලවේගයේ ‘සමාරම්භක උත්සවය කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බවද ,එකී මහජන බලවේගය මෙරට දැවැන්තම ජන බලවේගය බවට පත් කිරීමේ ජයග්‍රාහී අභියෝගය සඵල කරගන්නා බවද සිහිපත් කරමු.

විපක්ෂ නායක මාධ්‍ය අංශය

(Visited 5 times, 1 visits today)

Leave a Comment