සමීක්ෂණ වාර්තාවෙන් රනිල් භීතියට


අද පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ විසින් කළ කැඳවීමකට අනුව එජාප ආසන සංවිධායකවරු සිරිකොතට පැමිණියහ. එලෙස පැමිනි පිරිස ‘අලියා’ සමඟයි කියමින් ඇතැම් පිරිස් ‘සිඟිති ආතල්’ ගනිමින් සිටින අයුරු දක්නට ලැබිණ.
එහෙත් ඇත්ත තත්ත්වය දන්නා පිරිස් මේ ස්වයංවින්දනය ඔවුන්ට ලබා ගන්නට දී සිටි අතර හවස් වන විට තමන් ලැබුවේ ස්වයං වින්දනයක් බව ඔවුන්ට පසක් විය.

සිරිකොත රැස්වීම හමාර වූ සැනින් විශේෂ චරිත දෙකක් විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ තිබේ.
ඒ රාජිත සේනාරත්න සහ ලක්ෂ්මන් කිරිඇල්ලය.ඔහු සමඟ චතුර සේනාරත්නද පැමිණියේය. මේ අතර රනිල් වික්‍රමසිංහ විසින් අලුත් තනතුරු යැයි කියා පත් කළ කාවින්ද ජයවර්ධනද සිටින්නේ පුවක් ගෙඩියට හිරවූ ගානට ය.
මේ අතර එළඹෙන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු කථානායක කරූ ජයසූරිය මහතා වෙත තුන්වන පාර්ශවයක් හරහා කළ ඉල්ලීම ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
පාර්ලිමේන්තුව විසුරවූ ඉකුත් දෙවැනි දිනට පෙර දින රවී කරුණානායක, නවින් දිසානායක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් ජයසූරිය මහතා මුණ ගැසී එජාප නායකයාගේ ඉහත යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
එහිදී දීර්ඝ කරුණු දැක්වීමක් කර තිබෙන ජයසූරිය මහතා තමාවද කීප වතාවක් රවටා ඇති බවත්, තමාටද අසාධාරණකම් රැසක් සිදු කොට ඇති බවත් පෙන්වා දී ඇති අතර මීට ටික දිනකට පෙර පක්ෂයේ අර්බුධය විසඳීම සඳහා තමන්ට නායකත්වය දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඉන්පසු ඒ ගැන කතා කිරීමට වික්‍රමසිංහ මහතා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවද සඳහන් කොට ඇත.
මේ වනවිට රනිල් පිල වඩාත් භීතියට පත්ව තිබෙන රහස් සමීක්ෂණ වාර්තාවක්ද නිකුත් වී තිබේ. ස්වාධීන මත විමසන්නන්ගේ සංසදය විසින් කරන ලද සමීක්ෂණයෙන් හෙලිවී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආසන 7-8ක් ලැබෙන පරිදි බිහිසුණු පරාජයකට පත්වෙන බවයි. ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 1ක් හෝ 2ක් ඔවුන් ලබනු ඇතැයි හෙළිවී තිබෙන අතර මේ බිහිසුණු වාර්තාව එජාප කඳවුරේ අභ්‍යන්තරය කුනාටුවක සිර කරන්නට හේතු වී තිබේ.
(Visited 39 times, 1 visits today)

Related posts

Leave a Comment