සජිත් නිදොස්කොට නිවැරදි වෙයි

ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක්හයිඩ්‍රොක්සික්ලොරොක්වින් (ප්ලැක්වෙනිල්) හා ඇසිත්‍රොමයිසින් (සී-පැක්) යන ඖෂධ දෙකෙහෙි සුසංයෝගයක් යෙදීම තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 100% සුව කළ හැකි බවට තහවුරු කර ගෙන තිබේ.පසුගිය දිනවල හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඖෂධ දෙක පිළිබදව කරන ලද ප්‍රකාශයක් නිසා ඔහුට යම් යම් පාර්ශව විවිධ චෝදනා කරනු ලැබීය.
කෙසේ වෙතත් නවතම හෙළිදරවුව විසින් තහවුරු කොට තිබෙන්නේ සජිත්ට එරෙහිව එල්ල කළ චෝදනා සත්‍ය නොවන සහ පදනම් විරහිත බවය.

https://www.youtube.com/watch?v=ychL6MfWGyk&t=543s
මෙම පර්යේෂණය හොබවා ඇත්තේ පාලිත තත්ව යටතේ ය. ඒ අනුව ප්ලැක්වෙනිල් හා සී-පැක් යන ඖෂධ දෙකෙහි සංයෝජනය දින 6 ක කාලයක් දක්වා ලබා දීම තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 100% ක් සුව කළ හැකි බව ඔවහු පෙන්වා දෙති.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දියත් කළ සහයෝගීතා පර්යේෂණ (Solidarity Trial) වල අරමුණ වූයේ කොරෝනා වසංගතය දුරලීමට ඉවහල් වේ යැයි විශ්වාසය තැබිය හැකි ඖෂධ 4ක් වෙනවෙනම හා සුසංයෝග වශයෙන් යොදා බැලීමයි. මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තායිලන්තය, ආජන්ටිනාව, බහරේනය, කැනඩාව, ප්‍රංශය, ඉරානය, නෝර්වේ, දකුණු අප්‍රිකාව, ස්පාඥ්ඥය හා ස්විට්සර්ලන්තය ආදී රටවල් තෝරා ගෙන තිබේ. 

මේ අතර, ස්ටැන්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාලය, යූඒබී වෛද්‍ය පාසල හා ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පර්යේෂණයකින් හඳුනා ගෙන තිබුණේ කොරෝනා වසංගතය මර්දනය කිරීමට හයිඩ්‍රොක්සික්ලොරොක්වින් භාවිතය ක්ලොරොක්වින් ට වඩා සාර්ථක විය හැකි බවයි.

ඉහත කී ප්‍රංශ විද්‍යාඥයින් පිරිස විසින් සොයා ගනු ලැබූ නව ඖෂධය සාර්ථකව රෝගීන් වෙත ලබා දී ඇති බවත්, එම රෝගීන් 100% සුවය ලබා ඇති බවත් වාර්තා වේ. හයිඩ්‍රොක්සික්ලොරොක්වින් (ප්ලැක්වෙනිල්) හා ඇසිත්‍රොමයිසින් (සී-පැක්) යන ඖෂධ දෙක සංයෝජනයක් ලෙස යෙදීම තුළින් සාර්ථකව කොරෝනා ආසාදනය මර්දනය කළ හැකි බවට සොයාගෙන තිබෙන්නේ වෛද්‍ය ඩිඩියර් රවොල්ට් (M.D/Ph.D, et. al in France) ප්‍රමුඛ කණ්ඩායම විසිනි. එම ඖෂධ සුසංයෝගය යෙදූ රෝගීන් දින 6ක් තුළ වෛරසවිද්‍යාත්මකව සුවය ලබා ඇති බවට එම කණ්ඩායම පෙන්වා දෙයි. 

මෙම අධ්‍යයනය කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් දියත් කළ විවෘත සායනික අත්හදා බැලීම් දාමයේ ප්ලැක්වෙනිල් ආශ්‍රිතව සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵලය වේ. ඒ අනුව එම ප්‍රංශ විද්‍යාඥයින් කණ්ඩායම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඖෂධය අනුමත කර බෙදා හැරීමට කටයුතු කරනා ලෙසයි.

සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොටගෙන දිගින් දිගටම පදනම් විරහිත ප්‍රහාර එල්ල කළේ ආණ්ඩුව සහ ආණ්ඩුව සමග සබදතා පවත්වන කණ්ඩායම් ය.
කොරොනා උවදුර පිලිබඳව මුලින්ම රටට හෙළිකලේ සජිත් ප්‍රේමදාසය,
ඔහු දිගින් දිගටම උවදුර රටට ඇතුල් වීමට පෙර ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කළ නමුත් බලධාරීන් සිටියේ සිහි මූර්ජාවය.

ජනවාරි 24 දින සජිත් පාර්ලිමේන්තුවේදී කොරොනා ගැන මුලින්ම කතා කලේය.

ඉන්පසු අනේකවිද අපහාස උපහාස මැද හෙතෙම කොරොනා උවදුරට එරෙහි සටනේ සිටියේය,.
විදෙස්ගත ශ්‍රීලාන්කිකයින් පිලිබද සොයන ලෙසත,මැතිවරණය කල්දමා කොරෝනා උවදුරට එරෙහි සටන පටන් ගමු කියාත්,මැතිවරණ මුදල් කොරොනා මඩින්ට වෙන් කරමු කියාත්,පක්ෂ නායක හමුවක් කැදවමු කියාත්, ඇදිරිනීතිය හේතුවෙන් අසරණවන ප්‍රජාව උදෙසා වැඩපිලිවෙලක් සකසමු කියාත් කීවේ ඔහුය.
විපක්ෂයේ සමහරු සහ ආන්ඩුව නිද්‍රාශීලීව සිටින විට හුදකලාව ඔහු මේ උවදුරට එරෙහිව කටයුතු කළේය.
ඔහු කී දෑ එකින් එක දැන් තහවුරු වෙමින් තිබේ.

(Visited 12 times, 1 visits today)

Leave a Comment