වෙන්වීමෙන් ඉතිරි වන්නේ විනාශය පමණි

ජාතීන් හොඳින් පරික්ෂාවට ලක් වනුයේ අර්බුද කාලවලදීය. මේ අපේ පෞද්ගලික අභිමතාර්ථ පරයා මනුස්සකම ඉස්මතු විය යුතු කාලයයි. සියලු භේද භින්න හා එකිනෙකා අතර වෙනස්කම් පසෙක තැබිය යුතු කාලයයි. මේ බුද්ධිමත්ව, තිර අදිටනින්, වෙහෙස නොතකා ශක්තියෙන් හා ධෛර්යයෙන් යුතුව සැවොම එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි. මේ සමස්ත ජනයා ජාතියක් සේ එක්සත් විය යුතු කාලයයි. මේ තනි තනි පුද්ගලයන් තනි ප්‍රජාවක් සේ එක්වන කාලයයි. මේ කණ්ඩායමක් සේ ඉදිරියට යන කාලයයි. වෙනත් වචනවලින් කිවහොත් කොවිඩ් 19 වෙන කවරදාකටත් වඩා සාමූහිකව කටයුතු කළ යුතු අර්බුදයක් නිර්මාණය කර ඇත.  මේ අවස්ථාවේ නොකළ යුතු අපරාධ !…