සජිත් කීව බෙහෙත ගැන ට්‍රම්ප්-මෝඩි කතාබහක

හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය පිළිබදව නැවතත් ලෝක මට්ටමේ කතාබහක් සහ අවධානයක් යොමුවී තිබේ.ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා ‌වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ‌‌කොරෝනා වයිරසයෙන් බරපතළ හානියට පත්ව සිටින සිය ර‌ටේ ජනතාවට ‘හයිඩ්‍රොක්සික්ලෝරක්වීන්’ නැමැති ඖෂධය ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීමක් කිරීමත් සමගය.


මේ ඖෂධය පිළිබදව මීට පෙර අවස්‍ථා රැසකදීම සජිත් ප්‍රේමදාස මහතා මෙරට බලධාරීන්ගේ අවධානය යොමුකරනු ලැබූ නමුත් ඔහුට සමහරුන්ගෙන් එල්ල වූයේ සරදම් ය.


කොරෝනා වලට තාමත් නිශ්චිතවම ඖෂධයක් හෝ එන්නතක් නොමැති අතර බොහෝ රටවල් මැලේරියාව සඳහා නිපදවූ chloroquine නමැති මේ ඖෂධය ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටී.

https://www.youtube.com/watch?v=R22xt9znXag


එමගින් කොවිඩ් -19 වෛරසය මරා දමන බවට රසායනාගාර පරීක්ෂණ තහවුරු කර ඇත. නමුත් රෝගීන් මත කෙරුණු අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටිය යුතුය. එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයක මෙම අත්හදා බැලීම් සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත් අමෙරිකාවේ ජනාධිපති සහ ඉන්දියාවේ අගමැති අතර කතාබහ මේ ඖෂධය පිළිබදව බලාපොරොත්තු නව මාවතකට ගෙනැවිත් තිබේ.

මේ අතරchloroquine ඖෂධය මෙරටතුල භාවිතා කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනයකද සදහන්ව තිබුනි.

මෙරට පාර්ලිමේන්තුව තුල කොරෝනා ව්‍යසනය ගැන මුලින්ම කතා කළේ සජිත් ප්‍රේමදාස ය. පාර්ලිමේන්තුව තුල කතාකළ එකම මහජන නියෝජිතයාද ඔහුය.
විටින් විට ප්‍රවෘත්ති සාකච්ඡා 8කදීම හෙතෙම මේ උවදුර පිළිබදව කතා කළේය.

සජිත් මුලින්ම මේ උවදුර ගැන කතා කළේ ජනවාරි 24 ය.
(Visited 15 times, 1 visits today)

Related posts

Leave a Comment