ඩීල් දේශපාලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස – කණිෂ්ක සේනානායක

මහ මැතිවරණය වෙනුවෙන් මොරටුව ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා එක්තරා මාධ්‍ය වැඩසටහනකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයක් මතු කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් සමගි ජන බලවේගය සමග එක් වූයේ අලුත් දැක්මක්, අලුත් නායකයෙක් සමග ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා හොදම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්ය.

තවද එතුමා ප්‍රකාශ කර සිටියේ ” ලංකාවේ ප්‍රමුඛ පෙලේ පක්ෂ ටික ගත්තම ඉන්න එකම තරුණ නායකයා, එකම පිරිසිදු නායකයා, ජනතාව වෙනුවෙන් වැඩ කරන, ඩීල් දේශපලනයෙන් තොර එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත්, තමන් ද පෞද්ගලික අංශයේ ඉහල රැකියාව අතහැර දේශපාලනයට පැමිණෙන්නේ එතුමත් සමග ජනතාවට සේවය කිරීම සඳහා බවත්ය.”

එබැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තම මෑණියන් වන රෝසි සේනානායක මහත්මියගේ ශක්තියෙන් මොරටුව ඇතුළු සියලු ජනතාව වෙනුවෙන් සැම විටම පෙනී සිටින බවත් සඳහන් කළේය.

(Visited 8 times, 1 visits today)

Related posts

Leave a Comment