ඉදිරියේදි ඉදිරිපත් වන සියලු මැතිවරණ සඳහා තරුණ පරපුරට 25% ක අනිවාර්ය අපේක්ෂකත්වයක් – සජිත් ප්‍රේමදාස

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සංවිධානය කල නැගෙනහිර කොළඹ තරුණ බල මණ්ඩල හමුව ඊයේ කොළඹ නව නගර ශාලාවේදි පැවැත්විය.

මෙම හමුවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදි ඉදිරිපත්වන සියලු මැතිවරණ සඳහා තරුණ පරපුරට 25% ක අනිවාර්ය අපේක්ෂකත්වයක් ලබා දී රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තාරුණ්‍යයට නිසි තැන ලබාදෙන බවය.


එමෙන්ම ඉදිරියේදි පත්වන පාර්ලිමේන්තුව තුළ කණිෂ්ක සේනානායක මහතාගේ ශක්තිය,සහයෝගය ලබාගෙන ජාත්‍යන්තර සුදුසුකම් සහිත තරුණ පිරිසක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවට එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

(Visited 66 times, 1 visits today)

Related posts

Leave a Comment