තෙල්දෙණිය, කරලියද්දේ ව්‍යාපාරික ස්ථාන 5ක් වැසෙයි – 25 දෙනෙකු නිරෝධායනයට.!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකු ගැවසුණු බව කියන තෙල්දෙණිය නගරයේ ව්‍යාපාරික ස්ථාන 5ක් හා නිවාස 6ක පුද්ගලයින් 25 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මෙම යුද්ධ හමුදා නිලධාරියා ගැවසුණ තෙල්දෙණිය, කරල්ලියද්ද නගරයේ ව්‍යාපාරික ස්ථාන පහක් ඊයේ සිට දින 14ක කාලයක් සඳහා වසා දමා ඇතැයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.

අප වාර්තාකරු සඳහන් කළේ, මැද මහනුවර සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කරල්ලියද්ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇතුළු නිලධාරින් පිරිසක් තෙල්දෙණිය නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන හා නිවාස එකොළහක් පරීක්ෂාවට ලක් කර ඇති බවයි.

(Visited 4 times, 1 visits today)

Related posts

Leave a Comment