රාජාංගනයේ පවුල් 12000ක් හුදෙකලා කරයි !!

කොරෝනා වෛරසය ආසාදනය වූ කිහිපදෙනෙක් හමු වීමෙන් පසු රාජාංගනය ප්‍රදේශයේ යාය 1, 3 සහ 5 කලාපවල ජීවත්වන පවුල් 12,000ක් පමණ හුදකලා කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 532ක් වාර්තා වි ඇති බවයි.

මේ අතර බාහිර සමාජයෙන් ආසාදිතයින් හමුවිම නිසා අද වන විට හුදකලා කර ඇති අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ඊයේ (14) 320කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂණ සිදු කර තිබෙනවා.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කොවිඩ් ආසාදිත යුධ හමුදා නිලධාරියෙකු ඇසුරු කිරීම හේතුවෙන් සීගිරිය පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙකු හා ඔහුගේ පවුලේ පිරිස් නිරෝධායනයට යොමු කර තිබේ.

සීගිරිය පොලීසියේ දෛනික වැඩ කටයුතුවලදී එම පොලිස් ස්ථානයේ නිලධාරින් යොදා ගැනිම අවදානම් විම හේතුවෙන් ඒ සඳහා දඹුල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් සීගිරිය පොලීසියට අනුයුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment