මාස අටේ බිළිඳියට උණු වතුර ගැසූ දහ හතේ කුඩම්මා !!

ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ නිවසක සිටි වයස මාස 8 ක් පමණ වූ සිඟිත්තකුගේ ඇඟ මතට උණු වතුර ගැසූ දරුවාගේ කුඩම්මා පෝද්දල පොලිසිය විසින් පසුගියදා (14දා) අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු දාහතක් වූ සැකකාරිය මැහිමුල්ල ප්‍රදේශයේ නිවසක බිලිඳියගේ මව, පියා ඇතුළු පිරිස සමග එකට පදිංචිව සිට ඇත. බිලිඳාගේ මව සමග ඇති වූ කතාබහක් දුරදිග යාම නිසා මෙසේ නටන උණු වතුර දරුවගේ ඇඟට වත්කර ඇති අතර බිලින්දා බරපතළ තුවාල ලබා මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment