මගේ පුතාගේ කුළුදුල් ජන්දයට උදව් කරන්න බැරි තරමට මම අසරණයි – රෝසි සේනානායක..!

තම පුතාගේ කුළුඳුල් ඡන්දයට උදව් කිරීමට නොහැකි වීම ගැන තම ඉතාමත් කණගාටු වන බවත් ඒ හේතුවෙන් තමන් අසරණව සිටින බවත් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් තීරණය කර ගොඩනැගූ පක්ෂයක් බවත් එහි නායකත්වය අගමැති අපේක්ෂකත්වය මෙන්ම ලේකම් ධුරය පත් කලෙත් කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් බව සඳහන් කළ ඇය අවසානයේදී ලාංඡන ප්‍රශ්නයක් මුල්කර ගනිමින් කණ්ඩායම් දෙකක් ලෙස ඡන්දයට ඉදිරිපත් වූ බව ඇය පවසයි.

සමගි ජන බලවේගයේ සිටින්නේ තමන් සමග වසර 20ක කාලයක් දේශපාලනය කළ සගයින් බව රෝසි සේනානායක මහත්මිය පවසයි.

මහමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අදහස් දක්වමින් රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

රෝසි සේනානායකගේ ආන්දෝලනාත්මක පාපොච්චාරණය

රෝසි සේනානායකගේ ආන්දෝලනාත්මක පාපොච්චාරණය#කණිෂ්කසේනානායක #ජනසේනාවේනායක #KanishkaSenanayake

Posted by මාධ්යවේදියා on Friday, July 17, 2020
(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment