පසුගිය පැය 100 ක කාලය තුලදී ගෝලීය කොරෝනා ආසාදිතයින් මිලියනයක් වාර්තා වෙයි.!

ගෝලීය කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 14 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14,215,828ක් වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 600,039ක් වනවා.


රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ පසුගිය පැය 100 ක කාලය තුලදී ගෝලීය කොරෝනා ආසාදිතයින් මිලියනයක් වාර්තා වී ඇති බවයි.


නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් පසුගිය ජනවාරි මාසයේදී පළමු රෝගීයා වාර්තා වීමෙන් පසු රෝගීන් මිලියනයක්‌ වාර්තා වීම සඳහා මාස 03ක කාලයක් ගතවිය. කෙසේ වුවත් මිලියන 13 සිට මිලියන 14ක් වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට ගතව ඇත්තේ දින 04 ක කාලයක් පමණක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
ගතවූ පැය 24 තුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්තා වී ඇති සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 237,743ක්. එය දිනක් තුලදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ.

(Visited 1 times, 1 visits today)

Related posts

Leave a Comment