ආණ්ඩුවට හැමෝටම රැකියා දෙන්න බෑ – කණිෂ්ක සේනානායක..!

සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා සංවිධානය කළ නැගෙනහිර කොළඹ තරුණ බල මණ්ඩල හමුව පසුගියදා පැවැත්විණි.


එම හමුවට සහභාගී වූ තරුණ තරුණියන් තමන් වෙත ලබා දුන් ගැටළුවලට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ සෑම පුද්ගලයෙකුටම ආණ්ඩුවේ රැකියා ලබාදිය නොහැකි බැවින් ඉදිරියේදී පත්වන ආණ්ඩුව පෞද්ගලික අංශය ශක්තිමත් කර රැකියා ලබාදෙන වැඩපිළිවලක් සකස් කළ යුතු බවයි.

එමෙන්ම රැකියාවට අදාළ වෘත්තීය සුදුසුකම් හා අධ්‍යාපනය ලබාදිය යුතු අතර ඒවාට ඔවුන් පුරුදු පුහුණු කලයුතු බවත්, සාම්ප්‍රදායික රැකියාවෙන් ඔබ්බට ගොස් අන්තර්ජාල හා සමාජ මාධ්‍ය හරහා facebook ,youtube ,fivver වැනි මෙවලම් තුලින් මුදල් ඉපයිය හැකි බැවින් රජය විසින් ඒවාට අවශ්‍ය දැනුම හා යටිතල පහසුකම් ද ලබා දිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේය.

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment