ඇමරිකාව දේශපාලන මත ගැටුමක : කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළ යයි..!

ඇමරිකාවේ දෛනික ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
ගෙවීගිය බ්‍රහස්පතින්දා වාර්තා වූ 77,000කට වැඩි වාර්තාගත ඉහළ යාමකින් පසු, සිකුරාදා දිනයේ 71,000 ඉක්මවා ආසාදිතයන් ඉහළ ගොස් තිබේ.


ඒ අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 140,119ක් ලෙස වාර්තා වන අතර, සමස්ත ආසාදිත අගය 3,711,297ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
කෙසේ වෙතත් මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටි.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment