මුඛ ආවරණ නොපළදින්නන්ට සති අන්තයේදී පංති..!

මුඛ ආවරණ පැළදීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ජනතාව, පොලිස් ස්ථාන වෙත ගෙන්වා එහි වැදගත්කම පිළිබඳව වෛද්‍යවරයෙකු ලවා පංති පැවැත්වීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සඳහන් කර ඇති පරිදි කොරෝනා පමණක් නොව බෝවන බොහෝ රෝග වලින් මුඛ ආවරණ පැළඳීම මඟින් ආරක්ෂා විය හැකි හෙයින් පොලිසිය නිරන්තරයෙන් මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

(Visited 3 times, 1 visits today)

Related posts

Leave a Comment