කන්දකාඩු ආසාදිතයින් සුවකිරීම “කුණ්ඩලීනි ශක්තියෙන්”

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමුවූ Covid-19 ආසාදිතයින් කඩිනමින් සුවකිරීම සඳහා “කුණ්ඩලීනි ශක්තියෙන්” ආශීර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැලැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ(20) ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී ඊයේ රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකරන ලද සාකච්ඡාවකදී කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටින කොරෝනා ආසාදිතයින් සුව කිරීම සඳහා ආශීර්වාද සිදුකරන ලෙසට වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (20) සවස වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිත රෝගීන් ගණන 560කි.

මීට පෙර මෙරට හමුවූ විශාලම කොරෝනා වයිරස පොකුර වන නාවික හමුදාවේ පොකුරටද රජයේ ඉල්ලීම මත වෛද්‍ය එලියන්ත වයිට් මහතා ආශිර්වාද සිදුකළ අතර මේ වන විට නාවික හමුදාවේ සියලුම ආසාදිතයින් සුවය ලබා තිබේ.

මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි අංශ දැඩි කැපවීමකින් කොරෝනා වයිරස ආසාදිත වූ රෝගීන් හඳුනාගෙන නිරෝධායනයට ලක්කරන නිසා සහ වෛද්‍ය ආරක්‍ෂිත උපදෙස් ලබාදෙන නිසා තමාගේ ආශීර්වාද ක්‍රියාවලියට එය වඩාත් පහසුවක් වන බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රකාශ කරයි.

මීට පෙර එවකට ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග, සචින් තෙන්දුල්කාර්, දුලිප් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් රැසකගේ අබාධ මුළුමනින්ම සුවකරන ලද්දේ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ ආශිර්වාදයෙනී.

ලෝකයේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වූ එම ක්‍රීඩකයින්ගේ ආබාධ ඉතා කෙටි කලකදී මුළුමනින්ම සුව කිරීමට “කුණ්ඩලීනි ශක්තියෙන්” සිදුකරන ලද ආශිර්වාදයෙන් වෛද්‍ය එලියන්ත වයිට් මහතාට හැකි විය.

“මව්බිම” පුවත්පත

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment