ළමා අපචාර වැඩිවෙලා – කනිෂ්ක සේනානායක..!

පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කල ළමා අපචාර පිළිබඳ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා මාධ්‍ය ප්‍රකාශයක් ලබා දෙමින් ඉල්ලා සිටියේ මාධ්‍ය ආයතන විසින් මෙම ළමා අපචාර සිදුවීම් වාර්තා කරන විට ඉතා ශිෂ්ඨ සම්පන්නව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසය.

එමෙන්ම වැඩි දුරටත් ප්‍රකාශ කරමින් පවසා සිටියේ ළමා අපචාර සිදුකොට සැමරුම් සිදුකල,විදේශ කාන්තාවන් දුෂණය කර ඇය ඉදිරියේ අගේ පෙම්වතා ඝාතනය කල,දේශපාලකයන් විසින් එම අපයෝජකයන්,ඝාතකයන් ආරක්ෂා කළ කුරිරු අතීතයක් අපට තිබු බවත් නැවතත් එවැනි අපරාධ සිදු නොවීමට දේශපාලන අත පෙවීම් වළක්වා ගන්නා ලෙසත් ළමා අපයෝජකයන්ට,ඝාතකයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.එමෙන්ම මෙවැනි අපරාධ වලින් අපේ අනාගත පරපුර ආරක්ෂා කරගැනීම අපේ වගකීමක් බවද එතුමා වැඩි දුරටත් පවසා සිටියේය.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment