මෙරට උප්පැන්න සහතිකය අලුත් වෙයි..!

උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මව පියාගේ විවාහක අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණ දෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා සඳහන් කළේය.

මීට අමතරව මෙරට සියලු පුරවැසියන්ට නව උප්පැන්න සහතිකය නිකුත් කරන්නේ ශ්‍රී ලාංකික ලෙස සටහන් කරමින් බව ද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

නව ඩිජිටල් උප්පැන්න සහතිකය ඉදිරි මහමැතිවරණයෙන් පසු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් එන්. සී විතානගේ මහතා ප්‍රකාශ කළේ ය

(Visited 1 times, 1 visits today)

Related posts

Leave a Comment