සංචාරකයන්ගෙන් කොළඹ හදන කණිෂ්ක..!

පවතින කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටී ඇති සංචාරක ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පවසනවා.ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ, කොවීඩි වසංගතය හේතුවෙන්‌ වැඩියෙන්ම පීඩාවට පත්වූ ව්‍යාපාරක්ෂේතය ශ්රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයයි. සංචාරක හෝටල්වල ආදායම සමිපූර්ණයෙන්ම අහිමි වූ තත්ත්වයක්‌යටතේ හෝටල්‌ ක්ෂේතයේ සේවයේ නියුතු විශාල පිරිසකගේ රැකියාඅහිමි වෙලා තියෙනවා. අප විසින්‌ කඩිනමින්‌ මෙම ක්ෂේතුය ආරක්ෂාකරගැනීම සඳහා බලගතු සහන පැකේජයක්‌ හඳුන්වා නොදුනහොත්‌ඉන්‌ මෙරට ආර්ථිකයේ විශාල දායකත්වයක්‌ ලබාදෙන සංචාරකක්ෂේතය නැවත ගොඩගත නොහැකි මටිටමේ දරුණුකඩාවැටීමකට ලක්වෙන්න පුළුවන්.. නිසි කොවි්ඩි පරීක්ෂාවකින්‌ තොරව කිසිදු සංචාරකයෙකුට අපගේරටට…

මෙවර ඇසළ පෙරහැර අනිද්දා සිට|මහජනතාවට නැරඹීමට අවසර නෑ.!

මෙවර ඇසළ පෙරහැර ජුලි මස 25 වැනිදා සිට අගෝස්තු මස 04 වැනිදා දක්වා පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරනවා. කොවිඩ්-19 හි බලපෑම නිසා මහජනතාවට මග දෙපස සිට පෙරහැර නැරඹීමට මෙවර අවස්ථාව නොලැබේ. ඒ අඩුව සපුරාලමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නිවසේ සිටම සජීවීව පෙරහැර නැරඹීමට හෙළකුරු වෙතින් මහජනතාවට අවස්ථාව සලසා දෙනු ලැබේ.

මෑත කාලය තුළ ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන වල සීඝ්‍ර වර්ධනයක්.!

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි මනු තිසේරා මහත්මිය පවසයි. 2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බව ඊයේ(22) මාධ්‍ය හමුවක් පවත්වමින් ය සඳහන් කළාය. මෙය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා බවත් වාර්තා නොවන අපරාධ තව බොහොමයක් තිබෙන්නට හැකි බවත් ය මෙහිදී සඳහන් කළාය. දරුවන්ට මෙවැනි අපචාර, හිංසන වලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවත් ඉදිරි මැතිවරණයේදී දැඩිව හොඳ තීරණයක්…

ඇනහිට තිබූ රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය.!

නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව හෙලිවී තිබේ. මාර්ග අනතුරු වැලැක්වීම සදහා නීති දැඩි කලද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහලයමින් තිබේ. මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී, මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකට සහභාගිවූ මාධ්‍යවේදීන්…

අද රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්..!

ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල, රාජගිරිය, කොළඹ 5, 7 සහ 8 ට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය දැනුම්දෙනවා. අද රාත්‍රී 10 සිට පැය 14ක් මෙම ජල අත්හිටුවීම බලපැවැත්වෙන බවයි ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මියයයි.!

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස මොහුට එරෙහිව මෙරට අධිකරණවල නඩු රැසක් ගොනුවී තිබෙනවා. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ ඔහු කලක් ඇසුරු කළ බව කියන කාන්තාවක් විසින් ආහාර සමග එක් කොට ලබා දුන් විෂ ශරීරගතවීමෙන් බවයි වාර්තා වන්නේ. විෂ ශරීර ගතවීමෙන් අනතුරුව අංගොඩ ලොක්කා ඉන්දියාවේ රෝහලක සතියක පමණ කාලයක්‌ ප්‍රතිකාර ලබා ඇති බව සඳහන්.අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය්ගිය් බවට පළවන වාර්තාවන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ගෙන් විමසා සිටියා. එහිදී එවැනි…

රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා සදුඳා සිට ලිහිල් කෙරේ.!

සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර අදහස් දක්වමින් කියා සිටියේ රාජාංගණය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින බවයි. ඉකුත් 13 වැනිදා සිට PCR පරීක්ෂණ 940ක් පමණ සිදු කර රෝගීන් 19ක් පමණක් වාර්තා වී ඇති බවත් සඳහන් කළා. එම නිසා 26 වැනිදා ට දින 14 සම්පූර්ණ වන බැවින් ප්‍රධාන අවධානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 27 වැනිදා සිට සංචරණ සීමා…

කාන්තාවන්ට අගමැති කළ අපහාසයට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධය .!

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හා ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ඉලක්ක කර ගනිමින් අගමැති මහින්ද රාජපක්ෂ සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විරෝධයක් මතුව ඇත.  මුළු රටේම ‘අප්පච්චි’ ලෙස හුවාදක්වන මහින්ද රාජපක්ෂගේ මෙම හැසිරීම ගැන විවේචනය කර ඇති බොහෝදෙනෙකු දැඩි කළ කිරීමකින් යුතුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබේ. විවාහක යුවලකට තමන්ට දාව දරුවෙක් නැති වීම ගැන හිනා වීම හෝ අපහාස කරන අයකු එවැනි අඹු සැමියන් කොතරම් වේදනාවකින් පසුවන්නේ දැයි මදකට හෝ සිතුවා නම් මෙවැනි ප්‍රකාශ නොකරනු ඇතැයි එවැනි පිරිස් දැඩි සංවේගයෙන් යුතුව අදහස් දක්වා තිබේ.

අලුත් උප්පැන්නයේ වෙනස්කම් අත්හිටුවීමට අගමැතිගෙන් නියෝග..!

නිකුත් කිරීමට නියමිත නව උප්පැන්න සහතිකයේ ජනවර්ගය යන ශීර්ෂය ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතිකවල ශ්‍රි ලාංකික යනුවෙන් පමණක් සඳහන් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගෙන ඇති බව පවසන තීරණය වෙනස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට දැන් වූ බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. “මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා, මොන නිලධාරියා පරණ සංකල්පවල ඉඳගෙන මොන බේගල් ඇද බාවත්, ඔය කියන ජාතියේ උප්පැන්න සහතික මේ නායකත්වය යටතේ කෙරෙන්නේ නැහැ” ඔහු අවධාරණය කළේය. උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ විවාහක අවිවාහක බව හා ජන වර්ගය යන ශිර්ෂ ඉවත් කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව…