සංචාරකයන්ගෙන් කොළඹ හදන කණිෂ්ක..!


පවතින කොවිඩ් වසංගතය හමුවේ කඩා වැටී ඇති සංචාරක ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමට කටයුතු කරන බව සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පවසනවා.
ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ,

කොවීඩි වසංගතය හේතුවෙන්‌ වැඩියෙන්ම පීඩාවට පත්වූ ව්‍යාපාර
ක්ෂේතය ශ්රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයයි.

සංචාරක හෝටල්වල ආදායම සමිපූර්ණයෙන්ම අහිමි වූ තත්ත්වයක්‌
යටතේ හෝටල්‌ ක්ෂේතයේ සේවයේ නියුතු විශාල පිරිසකගේ රැකියා
අහිමි වෙලා තියෙනවා. අප විසින්‌ කඩිනමින්‌ මෙම ක්ෂේතුය ආරක්ෂා
කරගැනීම සඳහා බලගතු සහන පැකේජයක්‌ හඳුන්වා නොදුනහොත්‌
ඉන්‌ මෙරට ආර්ථිකයේ විශාල දායකත්වයක්‌ ලබාදෙන සංචාරක
ක්ෂේතය නැවත ගොඩගත නොහැකි මටිටමේ දරුණු
කඩාවැටීමකට ලක්වෙන්න පුළුවන්..

නිසි කොවි්ඩි පරීක්ෂාවකින්‌ තොරව කිසිදු සංචාරකයෙකුට අපගේ
රටට ඇතුළුවීමට නොහැකි වන පරිදි රටේ ආරක්ෂාව තහවුරැ කිරීම
සමගි ජන බලවේගයේ පුතිපත්තියයි. ඒ වගේම නිරන්තර සංචාරකයින් ගැවසෙන අපගේ කොළඹ නගරය තුලත් නිසි කොවිඩ් පරික්ෂාව සුදානම් කිරීම මාගේ අරමුනයි.

එයින්‌ දේශීය සංචාරකයින්‌ හරහා පිරිවැය ආවරණය කරගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක්‌ නිර්මාණය කරගැනීමට අපගේ රජය කියාකරන අතර , හෝටල්වල සේවකයින්ගේ මූලික වැටුප ගෙවීම සඳහා රජයේ මැදිහත්වීමෙන්‌ විශේෂ වැඩපිළිවෙළක්‌ නිර්මාණය කෙරෙනවා. මෙහිදී කොළඹ නගරය තුල හෝටල්, සංචාරකයින්ට සේවා සපයන්නන් පිලිබඳ මම ලොකු අවධානයක් යොමු කරනවා.

(Visited 6 times, 1 visits today)

Related posts

Leave a Comment