තැපැල් ඡන්ද නොදැමු ඡන්ද හිමියන්ට අද සහ හෙට අවස්ථාව..!

තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ඒ සඳහා අද සහ හෙට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වා සහ හෙට පෙරවරු 8.30 සිට පස්වරු දෙක දක්වා තැපැල් ඡන්ද සළකුණු කිරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී මෙම පහසුකම සළසා ගත හැකියි.

ඡන්ද මධ්‍යස්ථාන හරහා කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන බවට ජනතාවට සහතික විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, කොරෝනා වෛරස් වසංගත තත්ත්වයක් තුළ මහ මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නේ නම් මැතිවරණ ක්‍රියාදාමය තුළ කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගත හැකි බවයි එම සාකච්ඡාවට සහභාගි වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් සඳහන් කළේය.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment