අපේ අපේක්ෂක ලැයිස්තුවේ බූරුවෝ නෑ.ඉන්නේ අස්සයෝ විතරයි – කණිෂ්ක සේනානායක.!

ජනබලවේගයේ මෙවර ඉදිරිපත් කර අපේක්ෂක ලැයිස්තු වල බූරුවන් නොමැති බවත් අශ්වයින් පමණක් සිටින බවත් ඔවුන් සියලුම දෙනාම හොඳින් වැඩකළ කල හැකි අපේක්ෂකයින් බවත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා පවසයි. පෞද්ගලික යූ ටියුබ් චැනලයක දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය සියලුම බූරුවන් හා හොරුන් ඉවත් කර මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි. බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අනුව පොදු ජන පෙරමුණේ ජනතාවට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් තෝරන්නේ බූරුවන් විසින්ද යන වග ඒ මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. සමගි ජන බලවේගයේ කොළඹ අපේක්ෂක ලැයිස්තුව දෙස බලන ඕනෑම කෙනෙකුට…

කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් වල ආරක්ෂාව තර කෙරේ.!

Covid-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු ඊයේ ඉන් පළා යාමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ අලූයම පළා ගිය එම කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබුණා. පසුව අදාළ පුද්ගලයා යළි IDH රෝහල වෙත රැගෙන යාමට ද සෞඛ්‍ය අංශ කටයුතු කළා. මොහු…

PCR පරීක්ෂණ සඳහා Covid -19 අරමුදලෙන් මිලියන 36ක් යොදවයි.!

සෞඛ්‍යය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය සිදුකරන අත්‍යාවශ්‍ය PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් 36,605,812ක් යොදවා තිබේ. අදාළ චෙක්පත ඊයේ (24) මහ බැංකු අධිපති, Covid -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා වෙත භාර දී ඇත. PCR පරීක්ෂණ හා සෞඛ්‍යාරක්ෂණ උපදේශන වැඩසටහන්වල වියදම් සඳහා මුදල ප්‍රදානය කර තිබේ. මේ වන විට Covid -19 අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1525 ඉක්මවා ඇත.