අපේ අපේක්ෂක ලැයිස්තුවේ බූරුවෝ නෑ.ඉන්නේ අස්සයෝ විතරයි – කණිෂ්ක සේනානායක.!

ජනබලවේගයේ මෙවර ඉදිරිපත් කර අපේක්ෂක ලැයිස්තු වල බූරුවන් නොමැති බවත් අශ්වයින් පමණක් සිටින බවත් ඔවුන් සියලුම දෙනාම හොඳින් වැඩකළ කල හැකි අපේක්ෂකයින් බවත් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කනිෂ්ක සේනානායක මහතා පවසයි.

පෞද්ගලික යූ ටියුබ් චැනලයක දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය සියලුම බූරුවන් හා හොරුන් ඉවත් කර මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අනුව පොදු ජන පෙරමුණේ ජනතාවට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් තෝරන්නේ බූරුවන් විසින්ද යන වග ඒ මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

සමගි ජන බලවේගයේ කොළඹ අපේක්ෂක ලැයිස්තුව දෙස බලන ඕනෑම කෙනෙකුට සිය පක්ෂය හා වෙනත් පක්ෂ ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් පිළිබඳව තක්සේරුවක් ලබාගත හැකි බව පැවසු ඒ මහතා 100%ක්ම දක්ෂ උගත් තරුණ පිරිසක් මෙවර සිය පක්ෂය ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment