දැරියන් අපයෝජනය කර නිල් චිත්‍රපටි සෑදු 54 හැවිරිදි ගුරුවරයා අත්අඩංගුවට.!

පාසල් දැරියන් කිහිපදෙනෙකු අපයෝජනය කර අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කළ බව කියැවෙන ගුරුවරයෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 54 හැවිරිදි සැකකරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බවය.

ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු බව කියන සැකකරු පිරිමි ළමයින් 20 කට අධික පිරිසක්ද විවිධ අවස්ථාවල අපයෝජනයට ලක් කර ඇති බව හෙළිව ඇත.

සැකකරු සම්බන්ධයෙන් අද (26) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත වේ.

(Visited 1 times, 1 visits today)

Related posts

Leave a Comment