වර්තමාන රජයේ නොහැකියාව නිසා ජනතා ප්‍රශ්ණ වලට විසදුම් නෑ – සජිත් ප්‍රේමදාස.!

වර්තමාන රජයේ නොහැකියාව හා අදක්ෂතාවය නිසා ජනතා ප්‍රශ්ණ වලට විසදුම් ලබා දීමට ඔවුන්ට නොහැකිවී තිබෙන බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පසුගියදා (2020.07.26) කිරුළ පන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු නැගෙනහිර කොළඹ කාන්තා බල මණ්ඩල හමුවට සහභාගී වෙමිනි.

එතුමා වැඩි දුරටත් හමුව අමතමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුවට මේ ආර්ථික ප්‍රතිපත්ති,ආර්ථික න්‍යායන් නොතේරෙන බවත් ජනතාව සහන ඉල්ලන විට,හුස්මගැනීමේ අයිතිය ඉල්ලන විට මුදල් ඇමතිතුමා දෙවැනි බුවනෙකබාහු රජුගේ අන්තප්පුරය ගැන කතා කරන බවය.

එම කතා වලින් ජනතාවගේ සහන,ගැනීමේ අයිතිය නොලැඹෙන බවත් වර්තමානය වන විට රටේ විශාල රැකියා අහිමිවීමක් වී ඇති බවය.එමෙන්ම ඔහු කියා සිටියේ ඔහු වටා සිටින කණ්ඩායම දක්ෂතාව වලින් නිපුණතාවයෙන් පිරිපුන් පිරිසක් එක්ව සිටින අතර ඔවුන් සමග එක්වී ඊලග ආණ්ඩුව තුලින් විදේශ ආයෝජන මෙරටට ගෙන්වා කර්මාන්ත ශාලා ඇති කර රටේ තරුණ ජනතාවට රැකියා ලබාදෙන බවත් එතුමා වැඩි දුරටත් පැවසීය.

(Visited 4 times, 1 visits today)

Related posts

Leave a Comment