ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතුයි – සජිත් ප්‍රේමදාස.!

කාලයක් තමන්හට ඉංග්‍රීසි බස බැරි යැයි සිනා වූ පුද්ගලයන් දැන් තමන්ගේ ඉංග්‍රීසි බස බර වැඩියි යැයි පවසන බව හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමාගේ පියා ඉංග්‍රීසි බසේ නිපුණයෙකු නොවූවද ඔහු දිනකට ඉංග්‍රීසි වචන 10ක් බැගින් ඉගෙන ගත් අයුරු ඔහු හැඟුම්බරව සිහිපත් කරයි. යමෙක් ඉංග්‍රීසි බස ඉගෙන ගන්නවාට විරුද්ධ සංස්කෘතිකමය රටාවක් පවතින බවත් තමන්ගේ පාසල් සමයදී වුවත් යම් යම් සමාජමය බාධා තිබූ බවත් ඒ මහතා පවසයි. ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතු බවත් වෙනත් රටකදී නම් හැසිරීම මීට වඩා වෙනස් වනු…

වේග සීමා ඉක්මවන බර වාහන වලට පොලිසියෙන් අනතුරු ඇගවීම්.!

වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් ක‍රන්නේ රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි.

රාජපක්ෂ – වික්‍රමසිංහ කල්ලියේ මඩ සතිය ඇරඹේ.!

බලාපොරොත්තු වූ පරිදිම රාජපක්ෂ – වික්‍රමසිංහ ඩීල් දේශපාලනයේ ‘මඩ සතිය’ ක්‍රියාත්මක කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මඩ ප්‍රචාර රාශියක් දියත් කිරීමට අවශ්‍ය පිඹුරුපත් එම කල්ලිය විසින් සකසමින් සිටින බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.  2015 යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බාරවන්නේ 2018 දෙසැම්බර් 20 වැනිදා සිට වන නමුත් 2016 – 2019 කාලය තුළ අක්‍රමිකතා සොයන කමිටුවක චෝදනා සියල්ලම මාස කිහිපයක් පමණක් අමාත්‍යංශය බාරව සිටි ඇමතිවරයාට පැටවීමට උත්සාහ කිරීම හා මැතිවරණයට සතියකට පමණ පෙර වාර්තාවක්…

මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලංගමෙන් බස් 5300ක්.!

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වනවා. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, අද සිට අගෝස්තු 10 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඊට අමතරව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා තාවකාලික ධාවන බලපත්‍ර ලබාදී ඇති බවයි. පොදු ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති නොවීම සඳහා එලෙස…