ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතුයි – සජිත් ප්‍රේමදාස.!

කාලයක් තමන්හට ඉංග්‍රීසි බස බැරි යැයි සිනා වූ පුද්ගලයන් දැන් තමන්ගේ ඉංග්‍රීසි බස බර වැඩියි යැයි පවසන බව හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමාගේ පියා ඉංග්‍රීසි බසේ නිපුණයෙකු නොවූවද ඔහු දිනකට ඉංග්‍රීසි වචන 10ක් බැගින් ඉගෙන ගත් අයුරු ඔහු හැඟුම්බරව සිහිපත් කරයි. යමෙක් ඉංග්‍රීසි බස ඉගෙන ගන්නවාට විරුද්ධ සංස්කෘතිකමය රටාවක් පවතින බවත් තමන්ගේ පාසල් සමයදී වුවත් යම් යම් සමාජමය බාධා තිබූ බවත් ඒ මහතා පවසයි.

ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතු බවත් වෙනත් රටකදී නම් හැසිරීම මීට වඩා වෙනස් වනු ඇති බවත් ඒ මහතා පවසනවා.

“බරපතල ඉංග්‍රීසි වචනයක් දැක්කහම අපි කරන දේ තමයි ඉක්මනින්ම thesaurus එක අරගෙන dictionary එක අරගෙන අපි ඉගෙන ගන්නවා. දැන් මේ මොහොතෙත් මගේ වාහනේ thesaurus එකක් තියෙනවා. මොකද හැමදාම අපි ඉගෙන ගන්නවා. ” යැයි ඒ මහතා පවසයි.

(Visited 9 times, 1 visits today)

Related posts

Leave a Comment