රාජපක්ෂ – වික්‍රමසිංහ කල්ලියේ මඩ සතිය ඇරඹේ.!

බලාපොරොත්තු වූ පරිදිම රාජපක්ෂ – වික්‍රමසිංහ ඩීල් දේශපාලනයේ ‘මඩ සතිය’ ක්‍රියාත්මක කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මඩ ප්‍රචාර රාශියක් දියත් කිරීමට අවශ්‍ය පිඹුරුපත් එම කල්ලිය විසින් සකසමින් සිටින බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. 

2015 යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බාරවන්නේ 2018 දෙසැම්බර් 20 වැනිදා සිට වන නමුත් 2016 – 2019 කාලය තුළ අක්‍රමිකතා සොයන කමිටුවක චෝදනා සියල්ලම මාස කිහිපයක් පමණක් අමාත්‍යංශය බාරව සිටි ඇමතිවරයාට පැටවීමට උත්සාහ කිරීම හා මැතිවරණයට සතියකට පමණ පෙර වාර්තාවක් බාර දීමෙන් මෙම රාජපක්ෂ – වික්‍රමසිංහ නාටකයේ සැබෑ අරමුණ පැහැදිලි වන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.  

වික්‍රමසිංහ කල්ලිය විසින් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අත්තනෝමතික ලෙස ඉවත් කිරීමට ගත් තීන්දුවට සමගාමීව මෙම කුමන්ත්‍රණකාරී මඩ ප්‍රචාර කරළියට ආ බවත් ඒ අනුව සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් පුදුමසහගත ඊනියා වාර්තාවක් සකසා බාරදෙමින් ආණ්ඩුව විසින් සිය පිළිකුල් සහගත මඩ දේශපාලන සංස්කෘතියේ මූලාරම්භය සනිටුහන් කර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. 

ජනාධිපතිවරණ සමයේ රටට ලබාදුන් මහබැංකු චූදිතයන් ඇල්ලීම හා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම පසෙකලා ඩීල් දේශපාලනය ඉස්මතුව ඇති බවත් මෙම ආණ්ඩුව ආගමික සිද්ධස්ථානවලට උදවු කිරීම අපරාධයක් සේ සලකන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

(Visited 7 times, 1 visits today)

Related posts

Leave a Comment