රටට වැඩ කරන්න පුළුවන් හොදම වැඩකාරයෝ ඉන්නෙ සමගි ජන බලවේගයේ – සජිත්.!

මේ වන විට දුරකථනය වටා විශාල ජනරැල්ලක් ගොඩනැඟී ඇති බවත් එය රට දිනවන ජනරැල්ලක් බවට පත් කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(30) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සුවිශේෂී ජයක් ලබන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

වැඩ බැරි ආණ්ඩුව ඉදිරියේ රටේ ජනතාවගෙන් 30%ක් කුස ගින්නේ සිටින බවත් ආර්ථිකය කඩා වැටි ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

රට ගොඩනැගිය හැකි දක්ෂයින් සිටින්නේ සමඟි ජන බලවේගයේ බව ඒ මහතා අදහස් දක්වමින් වැඩි දුරටත් සඳහන් කළේය.

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment