මහත්මා ගාන්ධිගේ රන් ආලේපිත උපැස් යුවළ වෙන්දේසි කෙරේ

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි භාවිත කළ රන් ආලේපිත ගෝලාකාර උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී පවුම් දෙලක්ෂ හැට දහසකට වෙන්දේසි වී තිබේ.  මෙම උපැස් යුවළ ඊස්ට් බ්‍රිස්ටල් නමැති වෙන්දේසි සමාගමේ තැපැල් පෙට්ටියට කිසියම් පුද්ගලයෙකු දමා ගොස් තිබූ බව වාර්තා වේ. එම පුද්ගලයාගේ මාමා කෙනෙකු හට මහත්මා ගාන්ධි විසින් 1920 දශකයේදී මෙම උපැස් යුවළ පරිත්‍යාග කර ඇති බව සදහන් වේ.

මගේ ජීවිතේ ලොකු දේවල් නෑ

සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියේ තරගකරුවන් තරු ලෙස හැඩ කරමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තම හැකියා හා දක්‍ෂතා ඔප්නංවා ගනිමින් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනු රූපලාවණ්‍ය ශිල්පියෙකි. ජනප්‍රිය රංගන ශිල්පිනියන්, මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන් මංගල දිනයේ සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. එනිසාම ඒ අලුත් පියවරෙන්ම අපත් කතාව අරඹන්න සිතුවා. “පසුගිය දා කොළඹ පිටකෝට්ටේ Chandimal Bridal And Beauty Salon නමින් මගේ නවතම රූපලාවණ්‍යාගාරය විවෘත කළා. ඊළඟ මාසේ එහි තවත් ශාඛාවක් මීගමුවේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේදී විවෘත…

වෙන්දේසි වන පොලිස් නිල සුන­ඛ­යෝ

ගහට පොත්ත මෙන් ඇලී ජීවි­තය බෙදා ගත් දෙදෙ­නෙ­කුගේ වෙන්වීම සිදු­වන ඒ මොහොත අති­ශ­යින් හැඟු­ම්බ­රය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුන­ඛ­යාගේ ගෙල බැඳි කර පටියේ කෙළ­වර අල්ලා­ගෙන සිටින ස්වාමියා දෙනෙ­තට නැඟෙන කඳුළු කැට පිට­තට යා නොදී රඳවා ගන්නට දරන ආයා­සය ඔවුන් දෙදෙ­නාගේ බැඳීමේ තරම කදි­මට කියා­පායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදු­ව­න්නට යන බව ඉවෙන් මෙන් දැන­ගත් සුන­ඛයා ස්වාමි­යාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළි­බඳ කිසි­වක් නොදන්නා ඉල්ලු­ම්ක­රු­වන් මොනර කොළ ගණ­නින් ලංසු තබන්නේ සුන­ඛ­යාගේ හිමි­කා­ර­ත්වය දිනා ගැනී­ම­ටය. “ඈව­රයි, දෑව­රයි, තුන්…