වෙන්දේසි වන පොලිස් නිල සුන­ඛ­යෝ

ගහට පොත්ත මෙන් ඇලී ජීවි­තය බෙදා ගත් දෙදෙ­නෙ­කුගේ වෙන්වීම සිදු­වන ඒ මොහොත අති­ශ­යින් හැඟු­ම්බ­රය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුන­ඛ­යාගේ ගෙල බැඳි කර පටියේ කෙළ­වර අල්ලා­ගෙන සිටින ස්වාමියා දෙනෙ­තට නැඟෙන කඳුළු කැට පිට­තට යා නොදී රඳවා ගන්නට දරන ආයා­සය ඔවුන් දෙදෙ­නාගේ බැඳීමේ තරම කදි­මට කියා­පායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදු­ව­න්නට යන බව ඉවෙන් මෙන් දැන­ගත් සුන­ඛයා ස්වාමි­යාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළි­බඳ කිසි­වක් නොදන්නා ඉල්ලු­ම්ක­රු­වන් මොනර කොළ ගණ­නින් ලංසු තබන්නේ සුන­ඛ­යාගේ හිමි­කා­ර­ත්වය දිනා ගැනී­ම­ටය. “ඈව­රයි, දෑව­රයි,

තුන් ඈව­රයි. තීන්දුයි..” දස වස­රක් හෝ ඊට කිට්ටු කාල­යක් සුන­ඛයා හා උගේ ස්වාමියා අතර පැවැති සබ­ඳ­තාව හමාර වන්නේ එසේය. එතෙක් වේලා ස්වාමි­යාගේ ඇස් තුළ තෙර­පෙ­මින් තිබූ කඳුළු කැට පිට­තට පනින්නේ තව­දු­ර­ටත් වේද­නාව දරා ගැනී­මට ශක්ති­යක් ඔහුට නැති බැවිනි. කඳුළු පිරි දෙනෙ­තින් ස්වාමියා දෙස අව­සන් බැල්ම හෙළන සුන­ඛ­යාගේ ගෙල බැඳි කර­ප­ටියේ කෙළ­වර අලුත් ස්වාමියා අතට පත්වන්නේ කෙන­කුට සතු­ටත් තව­ක­කුට වේදනා කන්ද­කුත් තුරුලු කර­මිනි.

මහ­නු­වර පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යේදී පසු­ගි­යදා සිදු කෙරුණු සුනඛ වෙන්දේ­සියේ පිට­තට නොපෙ­ණුනු හැඟු­ම්බර කතාව එයයි. එම කොට්ඨා­ස­යට අනු­යු­ක්තව රාජ­කාරි කළ සුන­ඛ­යන් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සමා­ජය තුළ දැඩි කති­කා­වක් ඇති කිරී­මට හේතු දෙකක් බල­පෑ­වේය. එකක් 

නම් අප­රාධ මැඬ­ලීම පිණිස පොලිස් දෙපා­ර්තු­මේ­න්තු­වට විශාල දාය­ක­ත්ව­යක් ලබා­දුන් මෙම සතුන් ඔවුන්ගේ ස්වාමි­න්ගෙන් වෙන්කර වෙන්දේසි කිරීම සම්බ­න්ධ­යෙන් හැඟු­ම්බර අද­හස් සමාජ මාධ්‍ය තුළ පළ වීමය. අනෙක් කාර­ණය නම්, 1948 වසරේ පොලිස් නිල සුනඛ අංශය ඇති කළදා පටන් පැවැති කිසිදු වෙන්දේ­සි­ය­කදී නොවි­කු­ණුනු මිල­කට මෙහිදී සුන­ඛ­යකු අලෙවි වීමයි. සාමාන්‍ය වෙළෙඳපොළ වටි­නා­කම රුපි­යල් 40,000ක් පමණ වන ලැබ්‍ර­ඩෝර් (Labrador) වර්ගයේ සුන­ඛ­යකු මෙම වෙන්දේ­සි­යේදී අලෙවි වූයේ රුපි­යල් 10,1000ටය. බ්‍රීත් නැමැති මෙම සුන­ඛයා මීට මාස හය­කට පමණ ඉහ­තදී පොලිස් නිල සුනඛ කොට්ඨා­ස­යට ලැබුණේ මහ­ජන පරි­ත්‍යා­ග­යක් ලෙසය. වයස අවු­රුදු දෙකක් පමණ වන බ්‍රීත් පොලිස් රාජ­කාරි සඳහා පුහුණු කිරී­මට අසීරු වීම නිසා වෙන්දේසි කිරී­මට තීර­ණය කර තිබේ. සිම්බා නැමැති ලැබ්‍ර­ඩෝර් වර්ග­යේම සුන­ඛ­යකු රුපි­යල් 50,000ටත් රෙක්ස් නැමැති බෙල්ජි­යම් මැල­නො­යින් සුන­ඛයා රුපි­යල් 23,000ටත් රෙජී නැමැති රොට්ව­ය­ලර් සුන­ඛයා රුපි­යල් 17,500ටත් ලිලී නැමැති ඩැල්මේ­ෂන් සුන­ඛයා රුපි­යල් 16,000ටත් මෙහිදී වෙන්දේසි විය. අඩුම මිල­කට වෙන්දේසි වූයේ රෝසි නැමැති ලැබ්‍ර­ඩෝර් වර්ගයේ බැල්ලය. වයස අවු­රුදු 10 ඉක්මවා සිටි ඇයට නියම වූ මිල වූයේ රුපි­යල් 1,100කි. මොවුන් ඇතුළු සුන­ඛ­යන් 25 දෙනා වෙන්දේසි කිරී­මෙන් පොලිස් දෙපා­ර්තු­මේ­න්තු­වට ලැබී තිබුණු මුදල රුපි­යල් 3,15,800කි.

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment