රන්කිරුල 4000 ට සහයෝගය දැක්වූ සැමට තුති – ජාතික ලොතරැයි මණ්ඩලය

මහජන සම්පත රන්කිරුල 4000 වන දිනුම් වාරය සැප්තැම්බර් 06 සුරිය වැව පොලිස් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වුනි. ලොතරැයි ඉතිහාසයේ අමතක නොවන ලෙස පාරිභෝගික සැමටත් ,අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ටත් තෑගි පිට තෑගි ලබා දීමට එදින හැකි වූ බව ජාතික ‌ලොතරැයි මණ්ඩලය පවසයි. රට පුරා වාසනාවන්තයා සොයාගිය රුපියල් ලක්ෂ 87 වටිනා Toyota Rush SUV මෝටර් රථය, Toyota wigo මෝටර් රථය, බජාජ් ත්‍රීවීල් රථය, 125CC යතුරු පැදි ,කාන්තා යතුරුපැදි එදින ජයග්‍රහණ ‌ලෙස ලබා දී ඇති අතර විසි ලක්ෂපතියන් දෙදෙනෙක්, දස ලක්ෂපති ජයග්‍රාහකයින් 17 දෙනෙක්, ලක්ෂපති ජයග්‍රාහකයින් 22ක්, i…

කොල්ලුපිටියේ කෝටි 100 මත්කුඩු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඊයේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් ඇතුලු පස් දෙනා ලබන29 වනදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (23) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නේය. මහේස්ත්‍රාත් වරයා එලෙස අවසර ලබා දුන්නේ සැකකරුවන් පස් දෙනා ඉදිරිපත් කරමින් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය උඩුගහපත්තුවගේ දොන් ඉන්දාජිත් පත්මකුමාර, හලෝලුව කංකානම්ගේ චමික දිමුතු අමරසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සහ චම්ස් ඉෂාන් කවුඩා, ෆර්හාඩ් ෂකීර්, ෂවුන් ඇන්තනී මාර්ෂල් යනඅමරිකානුු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් මේ වැටලීම…

රන්ජන්ගේ මුල් වීඩියෝව අප සතුව නෑ -සිරස කියයි

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධව රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඇතුළත් මුල් වීඩියෝ පටය තම ආයතනය සතුව නැතැයි ‘සිරස’ නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ගයාන් සම්පත් සෝමචන්ද්‍ර මහතා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට ගොනුකර ඇති පෙත්සම් දෙකක් ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී සාක්කි දෙමින් ගයාන් සම්පත් මහතා ප්‍රකාශ කළේ අදාළ මුල් වීඩියෝ පටය මකා දමා ඇති බවය. සාමාන්‍යයෙන් එබඳු ප්‍රවෘත්ති වීඩියෝ පට මකාදැමීම සිය ආයතනය ප්‍රතිපත්තියක් ලෙස සිදුකරන බවද කීවේය. අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් මාධ්‍ය…

රු.1000ක වැටුපක් දිය නොහැකිනම් කරුණාකර සියලු වතු රජයට දෙන්න

රු.1000 ක වැටුපක් ලබා දිය නොහැකිනම් කරුණාකර සියලු වතු රජයට ලබාදෙන්න යැයි පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. ඇමැතිවරයා මෙම අදහස් පලකළේ ගම්පොල නගර සභාවේ සභා ගර්භය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙහිදි පැමිණ සිටි ජනතාව ඇමතූ ඇමැතිවරයා අපි බලාපොරොත්තුවෙනවා ඉදිරියට ඔබ සැම සමඟ අත්වැල් බැදගෙන අපි කරගෙන ආපු සේවය ඉස්සරහට කරගෙන යන්න .විශාල ද්‍රවිඩ ජනතාවක් අද අපි එක්ක එකතුවෙලා ඉන්නවා .අද වතු කම්කරුවන් ගේ විශාල ප්‍රශ්නයක් තමයි රු . 1000…

නව ක්‍රමයට බැරිනම් පැරැණි ක්‍රමයට මැතිවරණ පවත්වන්න

මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මේ වන විට මැතිවරණ කොමිසමට, පුරවැසියන්ට, අධිකරණයට හා සිවිල් සංවිධාන වෙත බාරදෙන බව විපක්ෂ නායක කාර්යාලයේ (23) පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීවේය. නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීමට කටයුතු කරන්නැයි විපක්ෂය, ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය. මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතින් දෙවැනි මන්ත්‍රණ සභාවක් යෝජනා කර ඇති බවත් ඉන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක් දැයි රටට වහා හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.…

කුඩා කණ්ඩායම් කුමන්ත්‍රණ අසාර්ථකයි

ආණ්ඩුව පෙරැළීම සඳහා කුඩා කණ්ඩායම් සිදුකරන කුමන්ත්‍රණ සාර්ථක නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. කුමන්ත්‍රණ යනු බලය වෙනස් කිරීම සඳහා උචිත ක්‍රමයක් නොවන බවද පෙන්වා දුන් සිල්වා මහතා වහලුන් පිරිසකට ආණ්ඩුවක් පෙරැළීමට කිසිදු හැකියාවක් නොමැති බවද කීය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ‘ලෙනින් කියවමු’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගියදා (22) පැවැති උත්සවයට එක්වෙමින් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන පුද්ගලයන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කෙළසමින් සිටින බව කී සිල්වා මහතා හැමදාමත් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය වම විසින් සුරක්ෂිත කර තිබෙන බවද පෙන්වා දුන්නේය. ධනවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය…

වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් ස්ථාවර ආණ්ඩුවක් හදන්න බෑ

වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් කල් මේ රට කිසිදු පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන බවත් නව ව්‍යවස්ථාවක් ඇතිකොට රටේ සංහිඳියා ඇති කළ යුතු යැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වූ සම්බන්ධීකරණ කාර්යාල මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා මහජන අදහස් විමසීම් කමිටු සාමාජික එක්සත් ජනතා පෙරමුණේ දේශපාලන පක්ෂයේ නායක, සිරිමසිරි හපුආරච්චි මහතා පැවසීය. මේ සම්මන්ත්‍රණය ගම්පහ මැදගම සිරිසුනන්දාරාම ධර්ම ධූත පිරිවෙන් මහ විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී පසුගියදා පැවැත්විණි. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම සඳහා ඇතිබාධක දුරුකර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රට…

2025 වන විට ඩොලර් බිලියන 8ක ඉලක්කයක්

මෙරට ආර්ථික අර්බුදයේ මූලික විසඳුම අපනයන ආදායම වර්ධනය කිරීමයි. ඒ පිළිබඳ ඇති අපේක්ෂා අතර ඇඟලුම් කර්මාන්තය ප්‍රමුඛතම ස්ථානය ගනී. ඇඟලුම් අපනයන ඉලක්ක ජයගැනීම පිළිබඳව හා අභියෝග පිළිබඳව දිනමිණ ‘පවුර’ ට අදහස් දැක්වූ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගම් සම්මේලනයේ සභාපති ෂෙරාඩ් අමලින් මහතායි. මෙරට ඇඟලුම් කර්මාන්තයේ අපනයන ඉලක්කය වූ ඩොලර් බිලියන 5 ක් ඉක්මවීමට හැකිවීම රටක් වශයෙන් අපගේ ආඩම්බරයට හේතුවිය යුතු කරුණක්. 2025 වන විට මෙම ආදායම ඩොලර් බිලියන 08 බවට පත්කිරීමටයි අපි කටයුතු කරන්නේ. ඒ සඳහා වන ලෝක වෙළෙඳපොළ අවශ්‍යතා හා ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ අපට හොඳ අවබෝධයක් තිබෙනවා. උදාහරණ විදිහට පසුගිය…

Blooming Fashions සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

නිමි ඇඳුම් අලෙවියේ ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාගමක් වන Blooming Fashions පුද්ගලික සමාගම පුත්තලම දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ ‘තම්බපණ්ණි අභිමානී – 2018’ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. වයික්කාල සූර්යා රිසෝර්ට්හිදී සම්මාන උළෙල පැවැත්විණි. 1970 අග භාගයේදී මහවැව නගරය කේන්ද්‍ර කර ගනිමින් එවකට කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ නැසී ගිය රොබට් ප්‍රනාන්දු මැතිතුමා සුළු ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ රෙදිපිළි අලෙවිය ක්‍රමයෙන් දියුණුවට පත් විය. 1990 මැද භාගය වන විට එතුමන්ගේ වැඩිමහල් පුත් ජූඩ් ප්‍රනාන්දු අතට ව්‍යාපාරය පත් වූ පසු මහවැව ප්‍රදේශය තුළ එතෙක් මෙතෙක් බිහි වූ දැවැන්තම සුළුපිළි…

මී. 400 ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක ගත් බවට දිල්ලි රසායනාගාරය යළිත් කියයි

මලල ක්‍රීඩක කාලිංග කුමාර තහනම් උත්තේජක භාවිතාකර තරග වැදී ඇති බවට ඉන්දියාවේ නවදිල්ලි නුවර රසායනාගාරයක වෛද්‍ය වාර්තාවකින් යළිත් වරක් තහවුරු වෙයි. ඒ අනුව ඔහුට දඬුවම් පැනවීම උදෙසා විනය කමිටුව වෙත යොමු කිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය පියවර ගෙන ඇත. එමෙන්ම මේ තත්ත්වය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත ඊයේ දැනුම්දී ඇති අතර ඉදිරියේදී පැවැත්වෙන දෙස් – විදෙස් මලල ක්‍රීඩා තරගවලට සහභාගීවීමද තහනම්කර ඇත. ඔහුගේ මූත්‍රා සාම්පලයේ ‘ඇනබොලික් ස්ටොරයිඩ්’ සංඝටක ඇතුළත් තහනම් උත්තේජක වර්ගයක් තිබී ඇති අතර ඒවා ඔහුට ලබාදුන්නේ කවුදැයි සෙවීමට වෙනම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. මෙය…