මහත්මා ගාන්ධිගේ රන් ආලේපිත උපැස් යුවළ වෙන්දේසි කෙරේ

ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි භාවිත කළ රන් ආලේපිත ගෝලාකාර උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී පවුම් දෙලක්ෂ හැට දහසකට වෙන්දේසි වී තිබේ.  මෙම උපැස් යුවළ ඊස්ට් බ්‍රිස්ටල් නමැති වෙන්දේසි සමාගමේ තැපැල් පෙට්ටියට කිසියම් පුද්ගලයෙකු දමා ගොස් තිබූ බව වාර්තා වේ. එම පුද්ගලයාගේ මාමා කෙනෙකු හට මහත්මා ගාන්ධි විසින් 1920 දශකයේදී මෙම උපැස් යුවළ පරිත්‍යාග කර ඇති බව සදහන් වේ.

මගේ ජීවිතේ ලොකු දේවල් නෑ

සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියේ තරගකරුවන් තරු ලෙස හැඩ කරමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තම හැකියා හා දක්‍ෂතා ඔප්නංවා ගනිමින් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනු රූපලාවණ්‍ය ශිල්පියෙකි. ජනප්‍රිය රංගන ශිල්පිනියන්, මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන් මංගල දිනයේ සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. එනිසාම ඒ අලුත් පියවරෙන්ම අපත් කතාව අරඹන්න සිතුවා. “පසුගිය දා කොළඹ පිටකෝට්ටේ Chandimal Bridal And Beauty Salon නමින් මගේ නවතම රූපලාවණ්‍යාගාරය විවෘත කළා. ඊළඟ මාසේ එහි තවත් ශාඛාවක් මීගමුවේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේදී විවෘත…

වෙන්දේසි වන පොලිස් නිල සුන­ඛ­යෝ

ගහට පොත්ත මෙන් ඇලී ජීවි­තය බෙදා ගත් දෙදෙ­නෙ­කුගේ වෙන්වීම සිදු­වන ඒ මොහොත අති­ශ­යින් හැඟු­ම්බ­රය. ලංසු තබන්නා හඬ නගා මිලක් නියම කරත්දී සුන­ඛ­යාගේ ගෙල බැඳි කර පටියේ කෙළ­වර අල්ලා­ගෙන සිටින ස්වාමියා දෙනෙ­තට නැඟෙන කඳුළු කැට පිට­තට යා නොදී රඳවා ගන්නට දරන ආයා­සය ඔවුන් දෙදෙ­නාගේ බැඳීමේ තරම කදි­මට කියා­පායි. ජීවිත කාලය පුරා කිසිදු දිනක මුහුණ නොදුන් මොකක්දෝ නුහුරු යමක් සිදු­ව­න්නට යන බව ඉවෙන් මෙන් දැන­ගත් සුන­ඛයා ස්වාමි­යාට කිට්ටු වන්නට වෙර දරයි. මේ දෙදෙනා අතර පවත්නා බැඳීම පිළි­බඳ කිසි­වක් නොදන්නා ඉල්ලු­ම්ක­රු­වන් මොනර කොළ ගණ­නින් ලංසු තබන්නේ සුන­ඛ­යාගේ හිමි­කා­ර­ත්වය දිනා ගැනී­ම­ටය. “ඈව­රයි, දෑව­රයි, තුන්…

රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දිය යුතුයි

රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දිය යුතුයි   – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද 24 දින සිදු කල විරෝධතාවය

මෙරට කොරෝනා අසාදිත සංඛ්‍යාව 2816 දක්වා ඉහළට.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,816 දක්වා ඉහළ ගියා. එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්මී තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳවියන් 64 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 4 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ ආසාදිතයන් හතරදෙනෙකු මෙන්ම මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු මෙලෙස අද රෝහලෙන් නික්මුණා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 291ක් වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2514ක්.

රටට වැඩ කරන්න පුළුවන් හොදම වැඩකාරයෝ ඉන්නෙ සමගි ජන බලවේගයේ – සජිත්.!

මේ වන විට දුරකථනය වටා විශාල ජනරැල්ලක් ගොඩනැඟී ඇති බවත් එය රට දිනවන ජනරැල්ලක් බවට පත් කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(30) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සුවිශේෂී ජයක් ලබන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය. වැඩ බැරි ආණ්ඩුව ඉදිරියේ රටේ ජනතාවගෙන් 30%ක් කුස ගින්නේ සිටින බවත් ආර්ථිකය කඩා වැටි ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. රට ගොඩනැගිය හැකි දක්ෂයින් සිටින්නේ සමඟි ජන බලවේගයේ බව ඒ මහතා අදහස් දක්වමින්…

ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතුයි – සජිත් ප්‍රේමදාස.!

කාලයක් තමන්හට ඉංග්‍රීසි බස බැරි යැයි සිනා වූ පුද්ගලයන් දැන් තමන්ගේ ඉංග්‍රීසි බස බර වැඩියි යැයි පවසන බව හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමාගේ පියා ඉංග්‍රීසි බසේ නිපුණයෙකු නොවූවද ඔහු දිනකට ඉංග්‍රීසි වචන 10ක් බැගින් ඉගෙන ගත් අයුරු ඔහු හැඟුම්බරව සිහිපත් කරයි. යමෙක් ඉංග්‍රීසි බස ඉගෙන ගන්නවාට විරුද්ධ සංස්කෘතිකමය රටාවක් පවතින බවත් තමන්ගේ පාසල් සමයදී වුවත් යම් යම් සමාජමය බාධා තිබූ බවත් ඒ මහතා පවසයි. ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතු බවත් වෙනත් රටකදී නම් හැසිරීම මීට වඩා වෙනස් වනු…

වේග සීමා ඉක්මවන බර වාහන වලට පොලිසියෙන් අනතුරු ඇගවීම්.!

වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් ක‍රන්නේ රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි.

රාජපක්ෂ – වික්‍රමසිංහ කල්ලියේ මඩ සතිය ඇරඹේ.!

බලාපොරොත්තු වූ පරිදිම රාජපක්ෂ – වික්‍රමසිංහ ඩීල් දේශපාලනයේ ‘මඩ සතිය’ ක්‍රියාත්මක කර ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් දැවැන්ත මඩ ප්‍රචාර රාශියක් දියත් කිරීමට අවශ්‍ය පිඹුරුපත් එම කල්ලිය විසින් සකසමින් සිටින බවත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.  2015 යහපාලන ආණ්ඩුව බිහිවීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය බාරවන්නේ 2018 දෙසැම්බර් 20 වැනිදා සිට වන නමුත් 2016 – 2019 කාලය තුළ අක්‍රමිකතා සොයන කමිටුවක චෝදනා සියල්ලම මාස කිහිපයක් පමණක් අමාත්‍යංශය බාරව සිටි ඇමතිවරයාට පැටවීමට උත්සාහ කිරීම හා මැතිවරණයට සතියකට පමණ පෙර වාර්තාවක්…

මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලංගමෙන් බස් 5300ක්.!

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වනවා. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, අද සිට අගෝස්තු 10 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඊට අමතරව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා තාවකාලික ධාවන බලපත්‍ර ලබාදී ඇති බවයි. පොදු ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති නොවීම සඳහා එලෙස…