මෑත කාලය තුළ ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන වල සීඝ්‍ර වර්ධනයක්.!

ශ්‍රී ලංකාව තුළ මෑත කාලීනව ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ සිදුවීම්වල වර්ධනයක් දක්නට ඇතැයි මනු තිසේරා මහත්මිය පවසයි. 2020 මුල් දින 15 තුළ දිවයිනේ විවිධ පොලිස් කොට්ඨාසවලින් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් වාර්තා වී ඇති බව ඊයේ(22) මාධ්‍ය හමුවක් පවත්වමින් ය සඳහන් කළාය. මෙය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා බවත් වාර්තා නොවන අපරාධ තව බොහොමයක් තිබෙන්නට හැකි බවත් ය මෙහිදී සඳහන් කළාය. දරුවන්ට මෙවැනි අපචාර, හිංසන වලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවත් ඉදිරි මැතිවරණයේදී දැඩිව හොඳ තීරණයක්…

අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී මියයයි.!

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන චන්දන ලසන්ත පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා වනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස මොහුට එරෙහිව මෙරට අධිකරණවල නඩු රැසක් ගොනුවී තිබෙනවා. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ ඔහු කලක් ඇසුරු කළ බව කියන කාන්තාවක් විසින් ආහාර සමග එක් කොට ලබා දුන් විෂ ශරීරගතවීමෙන් බවයි වාර්තා වන්නේ. විෂ ශරීර ගතවීමෙන් අනතුරුව අංගොඩ ලොක්කා ඉන්දියාවේ රෝහලක සතියක පමණ කාලයක්‌ ප්‍රතිකාර ලබා ඇති බව සඳහන්.අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය්ගිය් බවට පළවන වාර්තාවන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ගෙන් විමසා සිටියා. එහිදී එවැනි…

කන්දකාඩුවේ කොරෝනා රෝගීන් ඇනකොටා ගනී.!

කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය සඳහන් කළා. මොවුහු ප්‍රතිකාර සඳහා අද(22)අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබෙනවා. තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළා. කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබෙනවා.

මාර්ග බාධකයකදී මුදල් කොල්ල කෑ මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී පුද්ගලයෙකුගෙන් රුපියල් 92,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ග බාධකයේ සේවය කළ උප පෙලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය කියයි. මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකු මහවැව පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිට ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඒ අතර සිට ඇති බව පොලිසිය සඳහන් කළේය. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු යතුරු පැදියකින් මීගමුවේ සිට හලාවත දෙසට ගමන් කරමින්…

බලෙන් කොරෝනා හදා ගන්න ‘උත්සහ කරන පිරිසක් ගැන’ බුද්ධි අංශ අනාවරණය කරයි.!

බන්ධනාගාරයෙන් නිදහස්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යෑම සඳහා ඇතැම් සිරකරුවන් හා සිරකාරියන් කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා ඇති බව මෙරට ප්‍රධාන පුවත්පතක වෙබ් අඩවිය මගින් වාර්තා කර තිබෙනවා. මරණීය දඬුවම ඇතුළු දීර්ඝකාලීන සිර දඬුවම් විඳිමින් සිටින ඇතැමුන් එසේ කොරෝනා වයිරසය ආසාදනය කර ගැනීමට උත්සාහ කරන බවද බුද්ධි අංශ මඟින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බවද ප්‍රකාශකයකු එම පුවත්පතට සඳහන් කර තිබුණා. එකිනෙකා අතර දුම්වැටි සංසරණය කර භාවිතයට ගැනීම ඇතුළු ක්‍රමවේද තුළින් ඔවුන් එකී…

රංගජිවට එරෙහි පොලිස්පතිගෙන් පරික්ෂණයක් ඉල්ලයි..!

අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන මෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඉල්ලීමක් කර තිබෙනවා.නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රජයේ නිල මාධ්‍යවේදී හැඳුනුම්පත නිකුත් කරන බලධාරියා වශයෙන් තමා මෙම ඉල්ලීම සිදුකරන බවයි.ඊයේ (10) අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මාධ්‍යවේදියෙකුගේ වෘත්තීය කටයුතුවලට බාධා කරන අයුරු මෙන්ම ඔහුට ශාරීරිකව ද බලපෑම් කරන අයුරු වාර්තා විය.

ටිරාන් අලස් ඇතුළු සිව්දෙනා රාඩා නඩුවෙන් නිදහස්.!

2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළා.කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු  මෙම නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක්…

සජිත් නිදොස්කොට නිවැරදි වෙයි

ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක්හයිඩ්‍රොක්සික්ලොරොක්වින් (ප්ලැක්වෙනිල්) හා ඇසිත්‍රොමයිසින් (සී-පැක්) යන ඖෂධ දෙකෙහෙි සුසංයෝගයක් යෙදීම තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 100% සුව කළ හැකි බවට තහවුරු කර ගෙන තිබේ.පසුගිය දිනවල හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ඖෂධ දෙක පිළිබදව කරන ලද ප්‍රකාශයක් නිසා ඔහුට යම් යම් පාර්ශව විවිධ චෝදනා කරනු ලැබීය. කෙසේ වෙතත් නවතම හෙළිදරවුව විසින් තහවුරු කොට තිබෙන්නේ සජිත්ට එරෙහිව එල්ල කළ චෝදනා සත්‍ය නොවන සහ පදනම් විරහිත බවය. https://www.youtube.com/watch?v=ychL6MfWGyk&t=543s මෙම පර්යේෂණය හොබවා ඇත්තේ පාලිත තත්ව යටතේ ය. ඒ අනුව ප්ලැක්වෙනිල් හා සී-පැක් යන ඖෂධ දෙකෙහි සංයෝජනය දින 6 ක කාලයක් දක්වා…

විශ්‍රාම වැටුප නැතිවෙන මන්ත්‍රීවරු 67 මෙන්න

අවුරුදු 5 ක් වූ පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ධුර කාලය අවසන් වන තුරු නොසිට මේ ආකාරයට පාර්ලිමේන්තුව කලින් විසුරුවාහැරීම නිසා මන්ත්‍රීවරු 67 කගේම ‘විශ්‍රාම වැටුප’ අහිමි වී යනු ඇත. මෙම 67 න් 41 ක් ම එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ය. ඊට අයත් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ගණන 17 කි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් ද එම පිරිසට අයත් ය. ඒ අනුව විශ්‍රාම වැටුප අහිමි වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 වන්නේ නලීන් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, චන්දිම ගමගේ, චමින්ද විජේසිරි, හේෂා විතානගේ,කරුණාරත්න පරණවිතාන,…

පූජිත් ජයසුන්දර CID අත්අඩංගුවට

අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීමෙන් පසුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස්පතිවරයා අද (01දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.