රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දිය යුතුයි

රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දිය යුතුයි   – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය අද 24 දින සිදු කල විරෝධතාවය

මෙරට කොරෝනා අසාදිත සංඛ්‍යාව 2816 දක්වා ඉහළට.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,816 දක්වා ඉහළ ගියා. එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්මී තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳවියන් 64 දෙනෙකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් 4 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ ආසාදිතයන් හතරදෙනෙකු මෙන්ම මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු මෙලෙස අද රෝහලෙන් නික්මුණා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 291ක් වන අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2514ක්.

රටට වැඩ කරන්න පුළුවන් හොදම වැඩකාරයෝ ඉන්නෙ සමගි ජන බලවේගයේ – සජිත්.!

මේ වන විට දුරකථනය වටා විශාල ජනරැල්ලක් ගොඩනැඟී ඇති බවත් එය රට දිනවන ජනරැල්ලක් බවට පත් කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(30) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සුවිශේෂී ජයක් ලබන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය. වැඩ බැරි ආණ්ඩුව ඉදිරියේ රටේ ජනතාවගෙන් 30%ක් කුස ගින්නේ සිටින බවත් ආර්ථිකය කඩා වැටි ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. රට ගොඩනැගිය හැකි දක්ෂයින් සිටින්නේ සමඟි ජන බලවේගයේ බව ඒ මහතා අදහස් දක්වමින්…

ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතුයි – සජිත් ප්‍රේමදාස.!

කාලයක් තමන්හට ඉංග්‍රීසි බස බැරි යැයි සිනා වූ පුද්ගලයන් දැන් තමන්ගේ ඉංග්‍රීසි බස බර වැඩියි යැයි පවසන බව හිටපු විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තමාගේ පියා ඉංග්‍රීසි බසේ නිපුණයෙකු නොවූවද ඔහු දිනකට ඉංග්‍රීසි වචන 10ක් බැගින් ඉගෙන ගත් අයුරු ඔහු හැඟුම්බරව සිහිපත් කරයි. යමෙක් ඉංග්‍රීසි බස ඉගෙන ගන්නවාට විරුද්ධ සංස්කෘතිකමය රටාවක් පවතින බවත් තමන්ගේ පාසල් සමයදී වුවත් යම් යම් සමාජමය බාධා තිබූ බවත් ඒ මහතා පවසයි. ජාත්‍යන්තර මට්ටමෙන් ඉංග්‍රීසිබස හසුරවන දරු පරපුරක් මෙරට තුල නිර්මාණය විය යුතු බවත් වෙනත් රටකදී නම් හැසිරීම මීට වඩා වෙනස් වනු…

වේග සීමා ඉක්මවන බර වාහන වලට පොලිසියෙන් අනතුරු ඇගවීම්.!

වේග සීමාව ඉක්මවා ධාවනය වන කන්ටේනර් රථ ඇතුළු බර වාහනවල ව්‍යාපාරික බලපත්‍ර අහෝසි කරන බව පොලීසීය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් ක‍රන්නේ රිය අනතුරු වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගෙන එම තීරණයට එළඹි බවයි.

මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට ලංගමෙන් බස් 5300ක්.!

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වනවා. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, අද සිට අගෝස්තු 10 වැනිදා දක්වා එම සේවා ක්‍රියාත්මක බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඊට අමතරව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා තාවකාලික ධාවන බලපත්‍ර ලබාදී ඇති බවයි. පොදු ප්‍රවාහන සේවාවල තදබදයක් ඇති නොවීම සඳහා එලෙස…

කණිෂ්ක සේනානායක කොළඹට දැවැන්ත ශක්තියක් – හරීන් ප්‍රනාන්දු.!

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට   කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින තරුණ අපේක්ෂකයෙකු වන කණිෂ්ක සේනානයක කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම සිටින තරුණ අපේක්ෂකයෙක් බව හරින් ප්‍රනාන්දු මහතා සදහන් කලේය. දැවැන්ත යෝධ චරිතයක් ලෙස ඔහු කොළඹට  ශක්තියක් වී ඇති බවත්ඉතා කෙටි කලක් තුල දේශපාලනය තුල සාර්ථක වීම පිළිබද එතුමාගේ සතුට ප්‍රාකාශ කල අතර ඔහු උගත් බුද්ධිමත්, ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රවීනයෙකු වන බවද හොර බොරු වංචා වලින් තොරව රාජ්‍ය ආයතනවල ජනාදරයට පත්ව එම අයතන පාලනය කල දක්ශ නිළධාරියෙකු බවද  සදහන්  කළේය. එමෙන්ම  කොළඹ පුරපතිනිය වන රෝසී සේනානායක මහත්මියගේ දේශපාලනය පසුපසින් සිටින  දැවැන්ත ශක්තිය වූයේ ද කණිෂ්ක සේනානයක බව…

ඡන්දය අවසන්වන තෙක් ජනපති කොමිසමෙන් මාධ්‍යට වාරණයක්.!

මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු, ඉන් පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදුකර ඇත. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගිය දා ජනාධිපති කොමිසම වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ මැතිවරණ සමය අවසන් වන තෙක් සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සලකා බලන ලෙසය. විශේෂයෙන් මැතිවරණ සමයේදී කොමිසම වෙත පැමිණෙන සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය…

වර්තමාන රජයේ නොහැකියාව නිසා ජනතා ප්‍රශ්ණ වලට විසදුම් නෑ – සජිත් ප්‍රේමදාස.!

වර්තමාන රජයේ නොහැකියාව හා අදක්ෂතාවය නිසා ජනතා ප්‍රශ්ණ වලට විසදුම් ලබා දීමට ඔවුන්ට නොහැකිවී තිබෙන බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පසුගියදා (2020.07.26) කිරුළ පන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු නැගෙනහිර කොළඹ කාන්තා බල මණ්ඩල හමුවට සහභාගී වෙමිනි. එතුමා වැඩි දුරටත් හමුව අමතමින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුවට මේ ආර්ථික ප්‍රතිපත්ති,ආර්ථික න්‍යායන් නොතේරෙන බවත් ජනතාව සහන ඉල්ලන විට,හුස්මගැනීමේ අයිතිය ඉල්ලන විට මුදල් ඇමතිතුමා දෙවැනි බුවනෙකබාහු රජුගේ අන්තප්පුරය ගැන කතා කරන බවය. එම කතා…

පොලිසියෙන් විශේෂ දුරකථන අංක දෙකක් මහජනතාවට හඳුන්වා දෙයි.!

පොලිස් මුලස්ථානය විසින් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වාදී තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අයථා ලෙස උපයා ගැනීම් සම්බන්ධයෙන් තොරතුරු මහජනතාවට මෙම දුරකථන අංක දෙක හරහා පොලිසියට ලබාදීම සඳහායි. ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන්, මහ පරිමාණ දුෂණ, කප්පම් ගැනීම් ආදිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සෘජු ලෙස දැනුවත් කිරිමට දුරකථන අංක 1997 යොදා ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියේ. මිට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට දුරකථන අංක 1917 ඔස්සේ අපරාධ…